SLT-MOBITEL වෙතින් වෙසක් සමයේ විශේෂ වැඩසටහනක්

logo

 




 

 

COVID-19 නිසා විපතට පත් ප්‍රජාවන්ට සහය වීමට එක්වන්නැයි ජනතාවට ආරාධනා

2021 මැයි 31, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL දශකයකට අධික කාලයක් තිස්සේ ‘ප්‍රජාවන්ට අත්වැලක් වීම සහ ශක්තිමත් කිරීම’ යන පොදු අරමුණ වෙනුවෙන් ඇපකැප වී කටයුතු කර තිබේ. විශේෂයෙන්ම අනපේක්ෂිත අභියෝගාත්මක කාලවලදී, පීඩාවට පත්වන ජනතාවට සහනයක් ලබාදීම සඳහා SLT-MOBITEL සෑම විටම ඉදිරිපත් වී ඇත.

ඒ අනුව, COVID-19 නිසා විපතට පත් ප්‍රජාවන්ට සහය වීමේ අරමුණින්, මෙවර වෙසක් සමය පදනම් කරගනිමින් ‘දාන පාරමිතා’ නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමට SLT-MOBITEL කටයුතු කර ඇති අතර, ඒ සඳහා එක්වන මෙන් මෙරට ජනතාවටද සාදරයෙන් ආරාධනා කර සිටීයි. දැනට පවතින දුෂ්කර වාතාවරණය හමුවේ, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල් දැඩි ආර්ථික හා සමාජයීය පීඩාවන්ට මුහුණ දී සිටින බැවින්, එම ජනතාවට සෞඛ්‍ය උපකරණ, වියළි ආහාර සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිරිනැමීම සඳහා SLT-MOBITEL මෙම ප්‍රජා සත්කාර වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

‘දාන පාරමිතා’ වැඩසටහන වෙනුවෙන් විශේෂ අරමුදලක් පිහිටුවීමට SLT-MOBITEL පියවර ගෙන ඇති අතර, ජනතාවට තම පරිත්‍යාගයන් එම අරමුදලට බැරකළ හැක. YES ලෙස ටයිප් කර 255 වෙත SMS පණිවිඩයක් එවීම මගින්, SLT-MOBITEL පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ට මෙම අරමුදල සඳහා රු. 50 ක මුදලක් පරිත්‍යාග කළ හැකි වේ. එකම අංකයකින් SMS කිහිපයක් එවීම මගින් වැඩි මුදලක් පරිත්‍යාග කිරීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙන අතර, මෙලෙස එක්රැස් වල මුදලට සමාන මුදලක් පරිත්‍යාග කරමින් අරමුදලේ වටිනාකම දෙගුණ කිරීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත.

මේ අභියෝගකාරී කාලසීමාවේදී ජනතාවට අඛණ්ඩව සම්බන්ධතා පහසුකම් සැපයීමට කටයුතු කළ SLT-MOBITEL, COVID-19 නිසා විපතට පත් ජනතාවට සහන සැලසීමට ජාතික මට්ටමේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවී ය. මීට ඉහත ප්‍රසිද්ධ ස්ථාන වලදී මුහුණු ආවරණ මිලියනයක් ජනතාව අතර බෙදාදීමට SLT-MOBITEL කටයුතු කළ අතර, රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලට අඛණ්ඩව තම මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යා හැකි වන පරිදි තම සේවාවන් වැඩිදියුණු කිරීමටද කටයුතු කළේ ය.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව