SLT-MOBITEL ලෝක කාන්තා දිනය අපේක්ෂා රෝහල සමඟ සමරයි

Picture1 (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, පසුගිය දිනට යෙදුණු ලෝක කාන්තා දිනයට සමගාමීව මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තාවන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් ද්‍රව්‍ය ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු ඇතුළු ඉහළ කළමනාකාරිත්වය සහ රෝහල් කාර්ය මණ්ඩලය සහභාගී වන ලදී.

මෙරට සෞඛ්‍ය සහ සමාජීය යහපැවැත්ම වෙනුවෙන් SLT-MOBITEL ක්‍රියාවට නංවා ඇති ‘සබැඳියාවේ සත්කාරය’ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ මෙම පරිත්‍යාගය සිදු කළ අතර SLT-MOBITEL හි පාරිසරික, සමාජීය සහ පාලන (Environmental Social Governance – ESG) සංකල්පය හරහා පසුගිය වසංගත කාලසීමාව තුළ පවා ප්‍රජාවන්ට විවිධ අයුරින් සහයෝගය දැක්වීම සමාගම කටයුතු කරන ලදී.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වූ සිය කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යමින්, SLT-MOBITEL විසින් පසුගිය වසරේ දී  ‘Eco Channelling Delivery’ නමින් නවතම සේවාවක් හඳුන්වා දී තිබේ. පරිසර හිතකාමී ලෙස පාරිභෝගිකයන්ගේ නිවෙස් වලටම ඖෂධ ගෙනගොස් භාරදීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත. එසේම, මෙම Eco Channeling සේවාවන් SLT-MOBITEL විසින් ශ්‍රී ලංකාව පුරා සිය නිෂ්පාදන සහ සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණු ඇතිව මෑතකදී හඳුන්වා දෙනු ලැබු mAgent සේවාව හරහා බලගන්වනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව