SLT-MOBITEL නිල දුරකථන සන්නිවේදන හවුල්කරු වශයෙන් කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම බලගන්වයි

Royal Rugby - Image (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක, SLT-MOBITEL, කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ නිල දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු බවට පත් වී සිටියි. කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම මේ වනවිට අන්තර් පාසල් රග්බි ශූරතා තරඟාවලියට සහභාගී වීමට සූදානමින් සිටින අතර, ඉන් අනතුරුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ පැවැත්වෙන සුප්‍රකට Bradby Shield වාර්ෂික තරඟයට ඔවුන් සහභාගී වනු ඇත. පසුගිය වසර 6 දීම Bradby කුසලානය දිනාගැනීමට කොළඹ රාජකීය පිල සමත් වූ අතර, මෙම වසරේදී ද එම ජයග්‍රහණය තමන් සතු කරගැනීම රාජකීය පිලේ බලාපොරොත්තුව වී තිබේ. එම බලාපොරොත්තුව යථාර්ථයක් කරගැනීමට දිරිදෙන අතරම, රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය නංවාලීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස SLT-MOBITEL මෙලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළේ ය.

වාර්ෂික රග්බි ක්‍රීඩා තරඟ සමය දීර්ඝ කාලයක පටන් රටේ ප්‍රධාන පාසල් රාශියක් අතර සුහදත්වය වර්ධනය කිරීම සඳහා මහඟු කාර්යභාරයක් ඉටුකර තිබේ. එමෙන්ම එය ජය හා පරාජය සම සිතින් විඳගැනීමට රටේ දරු පරපුර හුරු කරවයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව