SLT-MOBITEL ජාතික හැඳුනුම්පත් ඩිජිටල් ක්‍රමයට සත්‍යාපනය කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග එක්වෙයි

image (1)

 



 

 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ජාතික හැඳුනුම්පත් වල සඳහන් තොරතුරු ඩිජිටල් ක්‍රමයට තහවුරු කරගැනීමේ පහසුකම ලබාගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ ඔස්සේ, SLT-MOBITEL සේවාවන් භාවිතා කරන පාරිභෝගිකයන්ගේ අනන්‍යතා තොරතුරු විශේෂ ඩිජිටල් පදනමක් හරහා සත්‍යාපනය කිරීමට අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාවට නවීනතම ඩිජිටල් තාක්ෂණික විසඳුම් හඳුන්වා දීමට SLT-MOBITEL දරන උත්සාහයේ නවතම පියවර වන මෙය, මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසද හැඳින්විය හැක.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා සහ, මොබිටෙල් (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදි. දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

මෙම අවබෝධතා ගිවිසුම නිසා, මෙතෙක් බැංකු හා මූල්‍ය ආයතන වලට පමණක් සීමා වී තිබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් සත්‍යාපන පහසුකම භාවිතා කිරීමට SLT-MOBITEL සමාගමටද අවස්ථාව හිමි වේ. මෙමගින් SLT-MOBITEL සමාගමට සිය පාරිභෝගිකයන්ගේ Know-Your-Customer (KYC) තොරතුරු තහවුරු කරගැනීමට අවස්ථාව ලැබෙන අතර, ජාතික ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමටත් මහෝපකාරී වනු ඇත.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වශයෙන් පාරිභෝගිකයන්ටත්, සමාගම් හා ආයතන වලටත් නවීනතම සම්බන්ධතා විසඳුම් පිරිනමමින්, රටේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට දායක වීම සඳහා SLT-MOBITEL කැපවී සිටී.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව