SLT-MOBITEL, ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන 2025 උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

Image - NBEA Awards 2025 (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවැත්වුණු 2025 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී [National Business Excellence Awards (NBEA)] සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි.

 



 
මෙම සම්මාන උළෙලේදී තිරසර ව්‍යාපාරික ක්‍රමවේදයන් සහ ප්‍රජා සත්කාර වැඩසටහන් වෙනුවෙන් SLT-MOBITEL වෙත ‘Excellence in ESG’ කාණ්ඩයේ කුසලතා සම්මානයක් පිරිනමන ලදී. SLT-MOBITEL හි පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන (ESG) ක්‍රියාකාරකම්වල සාර්ථකත්වය මෙන්ම එම ක්‍රියාකාරකම් මගින් ඇති වූ සාධනීය බලපෑම් මෙම සම්මානය SLT-MOBITEL වෙත හිමි වීමට බලපෑ ප්‍රධානතම හේතු විය. අඛණ්ඩව මෙබඳු ක්‍රියාකාරම් SLT-MOBITEL හි මෙහෙයුම්වල අනිවාර්ය අංගයක් වී තිබේ.

මීට අමතරව ‘Infrastructure and Utilities’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමටද SLT-MOBITEL සමත් විය. ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම ඩිජිටල් පරිවර්තන වැඩසටහන් වෙනුවෙන් SLT-MOBITEL ලබාදෙන සුවිශාල දායකත්වය ඇගයීමක් වශයෙන් මෙම සම්මානය පිරිනමන ලදී.

SLT-MOBITEL තම දුරකථන සන්නිවේදන සේවාවන් විශිෂ්ටතම මට්ටමින් පවත්වාගෙන යන අතරම තිරසර ව්‍යාපාරික ක්‍රමවේදයන් අනුගමනය කිරීමට සෑම විටම උත්සාහ කරයි. SLT-MOBITEL වෙත මෙබඳු සම්මාන හා ඇගයුම් නිරන්තරයෙන් හිමි වන්නේ ඒ හේතුවෙනි. මෙරට යටිතල පහසුකම් සම්පාදනයෙහි ප්‍රමුඛයෙකු මෙන්ම වගකීම්සහගත ආයතනික පුරවැසියෙකුද වන SLT-MOBITEL, ඉරිදියටත් රටේ ඩිජිටල් පරිවර්තනය මෙන්ම පාරිසරික හා සමාජයීය යහපත වෙනුවෙන් කැපවීමට සූදානමින් සිටී.

ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 20 වන වරටය. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රටේ සමාජ-ආර්ථික ප්‍රගතියට දැවැන්ත දායකත්වයක් ලබාදෙන සමාගම් හා ආයතන ඇගයීමට ලක්කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව