SLT-MOBITEL කුලියාපිටිය ශික්ෂණ රෝහලට Covid-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය යන්ත්‍රයක් පරිත්‍යාග කරයි

Picture1

 




 

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL  කුලියාපිටිය ශික්ෂණ රෝහලට බහු-පරාමිති මොනිටර් යන්ත්‍රයක් (Multi Para Monitor) පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය ශ්‍රී ලංකාවට Covid-19 උවදුරෙන් මිදීමට අත්වැලක් වීම සඳහා SLT-MOBITEL දරන අඛණ්ඩ උත්සාහයේ තවත් පියවරකි. කුලියාපිටිය ශික්ෂණ රෝහල කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවැනි විශාලතම රෝහල වන අතර, මෙම නව උපකරණය එහි Covid-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනෙනු ඇත. SLT-MOBITEL ප්‍රාදේශීය ප්‍රධානී රන්මල් ෆොන්සේකා සහ කලාපීය Telecom කළමනාකරු චානක උදයංග යන මහත්වරුන් විසින් මෙම උපකරණය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා වෙත භාරදෙන ලදි. මෙම අවස්ථාවට SLT-MOBITEL දිස්ත්‍රික් කළමනාකරු නිරෝෂ කරුණාරත්න, කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරී (සැලසුම්) මධුෂ සත්කුමාර සහ ප්‍රධාන හෙද පාලිකා එන්. එම්. ඒ. මාරසිංහ යන මහත්ම මහත්මීහුද එක්වූහ.

මීට අමතරව, COVID-19 හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ‘දාන පාරමිතා’ නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමටද SLT-MOBITEL කටයුතු කළේ ය. ‘YES’ ලෙස ටයිප් කර 255 අංකයට SMS යොමුකිරීම මගින් SLT-MOBITEL පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ට මේ සඳහා මුදල් පරිත්‍යාග කළ හැකි වේ. මෙම සෑම SMS පණිවිඩයක් සඳහාම රු. 50 ක මුදලක් අය කෙරෙන අතර, එලෙස එක්රැස් වන මුදලට සමාන මුදලක් පරිත්‍යාග කරමින් අරමුදල දෙගුණ කිරීමට SLT-MOBITEL කටයුතු කරයි. මෙම මුදල් මෙරට විපතට පත් ජනතාව වෙත වියළි සලාක, සෞඛ්‍ය උපාංග සහ සහන මලු ආදිය බෙදාදීම සඳහා භාවිතා කෙරේ

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව