SLT-MOBITEL, අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය, පොල්ලෙබැද්ද ආදිවාසී ග්‍රාමයේ COVID-19 නිසා පීඩාවට පත් ජනතාවට සහන සලසයි

Picture1

 




 

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 සංචරණ සීමාවන් නිසා පීඩාවට පත් අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්, පොල්ලෙබැද්ද ග්‍රාම නිලධාරී වසම තුළ ජිවත් වන ආදිවාසී ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට පසුගියදා කටයුතු කළේය.

ඒ අනුව, තම එදිනෙදා මූලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකිව දුෂ්කර තත්ත්වයකට පත්වී සිටි පවුල් 285 කට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මලු බෙදාදීම සිදුකරන ලදි. මේ සදහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතන වල සහයෝගය හිමි වූ අතර අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩී. එම්. එල්. බණ්ඩාරනායක මහතා සහ මහඔය අතිරේක ප්‍රාදේශීය ලේකම්වරයා මෙම අවස්ථාවට සහභාගී වුහ.

මීට අමතරව, COVID-19 හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ‘දාන පාරමිතා’ නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමටද SLT-MOBITEL කටයුතු කළේ ය. ‘YES’ ලෙස ටයිප් කර 255 අංකයට SMS යොමුකිරීම මගින් SLT-MOBITEL පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ට මේ සඳහා මුදල් පරිත්‍යාග කළ හැකි වේ. මෙම සෑම SMS පණිවිඩයක් සඳහාම රු. 50 ක මුදලක් අය කෙරෙන අතර, එලෙස එක්රැස් වන මුදලට සමාන මුදලක් පරිත්‍යාග කරමින් අරමුදල දෙගුණ කිරීමට SLT-MOBITEL කටයුතු කරයි. මෙම මුදල් මෙරට විපතට පත් ජනතාව වෙත වියළි සලාක, සෞඛ්‍ය උපාංග සහ සහන මලු ආදිය බෙදාදීම සඳහා භාවිතා කෙරේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව