SLT-MOBITEL, PEO SPORTS සහ ශ්‍රී ලංකා බොක්සිං සංගමය මගින් බලගන්වන ලද 97 වැනි ජාතික බොක්සිං ශූරතා වලියේදී දක්ෂතා රැසක් කරළියට

Boxing - Image (LBN)

97 වැනි ජාතික බොක්සිං ශූරතා වලිය පසුගියදා  අතිසාර්ථක ලෙස පැවැත්විණි. මෙය ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩා ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ. ශ්‍රී ලංකා බොක්සිං සංගමය සමග එක්ව සංවිධානය කරන ලද මෙම ඓතිහාසික තරගාවලිය ප්‍රථම වරට එළිමහන් ස්ථානයක, එනම් කොළඹ ගාලු මුවදොර පිටියේදී පවත්වන ලද අතර, එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැක. මෙම තරගාවලියේ නිල රූපවාහිනී විකාශන හිමිකම් SLT-MOBITEL, PEOTV සහ PEO SPORTS සතු විය. PEO SPORTS 1 නාලිකා (HD – CH. 323, SD – CH. 150) ඔස්සේ True HD ප්‍රමිතියෙන් යුතුව තරග සජීවීව විකාශයකරන ලද අතර, එමගින් දිවයින පුරා වෙසෙන බොක්සිං ක්‍රීඩා ලෝලීන්ට එම තරගවල උණුසුම එසැණින් අත්විඳීමට අවස්ථාව හිමි විය. එමෙන්ම PEO MOBILE App ඔස්සේද ප්‍රේක්ෂකයන්ට කිසිදු ගාස්තුවකින් තොරව සජීවී ලෙස එම තරග නැරඹීමට අවස්ථාව සලසා දෙන ලදී. එපමණක් නොව PEO SPORTS Facebook පිටුව සහ YouTube නාලිකාව ඔස්සේද සජීවීව තරග විකාශය කිරීමට පියවර ගෙන තිබුණු අතර, රට පුරා මෙන්ම ලොව පුරා බොක්සිං ක්‍රීඩා ලෝලීන් මෙම තරගාවලිය පිළිබඳව උනන්දුවක් දැක්වූ බවට සාක්ෂි දරමින් එහි සජීවී විකාශය නැරඹූ වාර ගණන (Views) මිලියන 9 ඉක්මවා තිබිණි.
 



 
PEOTV ප්‍රධාන (විධායක) නිලධාරී රුචිර වීරකෝන් මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. “97 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලියේ සාඩම්බර හවුල්කරුවෙකු ලෙස, ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාවේ උන්නතියට මෙන්ම එයට ජාත්‍යන්තර තලය තුළ ඉහළ පිළිගැනීමක් ලබාදීමට මෙලෙස දායක වීමට හැකි වීම පිළිබඳව SLT-MOBITEL PEOTV බෙහෙවින් ආඩම්බර වනවා. ගාලු මුවදොර වැනි ස්ථානයක මෙම ඓතිහාසික තරගාවලිය සාර්ථක ලෙස පැවැත්වීමට හැකි වීම යනු, ජාතික ආයතන සහ ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් අතර සාර්ථක හවුල්කාරීත්වයක ශක්තිය පිළිබඳ මනා සාක්ෂියක්. මෙම තරගාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සහ ඔවුන්ගේ කැපවීම මැනැවින් දැකබලා ගැනීමට කාටත් අවස්ථාව ලැබුණා. එමෙන්ම මෙය අපගේ දේශය එකමුතු කිරීම සහ දිරිමත් කිරීම සඳහා ක්‍රීඩාව කෙතරම් වැදගත්ද යන්න මැනැවින් පෙන්නුම් කළ තරගාවලියක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. ඉදිරියටත් අප සතු නවීනතම තාක්ෂණය ඔස්සේ මෙවැනි තරගාවලි බලගන්වමින්, රට පුරා වෙසෙන ක්‍රීඩා ලෝලීන්ට අපගේ PEO SPORTS පදනම (නාලිකාව) හරහා True HD ප්‍රමිතියෙන් යුතුව එම තරග දැකබලා ගැනීමට අවස්ථාව සලසා දීමට අප කටයුතු කරනවා.”

ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වූ මෙම තරගාවලිය සාර්ථක කරගැනීම සඳහා ආසියානු බොක්සිං සම්මේලනය, ජාත්‍යන්තර බොක්සිං සංගමය, ත්‍රිවිධ හමුදා සහ පොලීසිය වෙතින් නොමඳ සහයෝගයක් හිමි විය. මේ සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය හේතුවෙන් සැලසුම් කළ ආකාරයටම තරගාවලියේ සියලු තරග පැවැත්වීමට හැකියාව ලැබිණි. මෙම තරගාවලියේදී විවිධ බර පන්ති යටතේ තරගකරුවන් හා තරගකාරියන් 125 කට අධික පිරිසක් තරග වැදුණු අතර, ප්‍රවීණ මෙන්ම ආධුනික තරගකරුවන් වෙතින් දස්කම් රැසක් දැකගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි විය. යුධ හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ පොලීසිය නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම විවිධ බොක්සිං සමාජ නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද මෙහිදී තම දක්ෂතා උපරිම අයුරින් ප්‍රදර්ශනය කළ අතර, එම නිසා උණුසුම් තරග රැසක් දැකගැනීමට ප්‍රේක්ෂකයන්ට හැකියාව ලැබිණි.

“මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්ත සන්ධිස්ථානයක්. මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අගයන අතරම ඔවුන්ට එම දක්ෂතා වැඩිදියුණු කරගැනීමට වේදිකාවක් සැපයීම අපගේ අරමුණ වුණා. මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ලොවට පෙන්වීමට අමතරව මෙය අපගේ ‘Road to LA28’ ව්‍යාපෘතිය යටතේ 2028 වසරේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ බොක්සිං ක්‍රීඩා තරග සඳහා සුදුසුකම් ලැබීම සහ එම තරගාවලියේදී පදක්කම් හිමිකර ගැනීම සඳහා දරන උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක් ලෙසත් හැඳින්වීමට පුළුවන්.” ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ආචාර්ය අනුරුද්ධ ශානක මහතා පැවසී ය.

97 වැනි ජාතික බොක්සිං තරගාවලිය, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩා ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සඳහාද නොමඳ දායකත්වයක් ලබාදුන් තරගාවලියකි. 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ බොක්සිං ක්‍රීඩා ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කරවීමට මෙන්ම මෙරට තුළ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර බොක්සිං ඉසව් සඳහා ශක්තිමත් අඩිතාලමක් නිර්මාණය කිරීමට එමගින් සුවිශාල කාර්යභාරයක් ඉටු විය. තරගාවලියේ තරග සම්පූර්ණයෙන්ම අපක්ෂපාතී ලෙස පැවැත්වීම සඳහා දකුණු කොරියාව, අයර්ලන්තය, ඉන්දුනීසියාව සහ කසකස්ථානය වැනි රටවල තරග තීරකවරුන් මේ සඳහා සහභාගී කරවාගන්නා ලද අතර, ජාත්‍යන්තර මාර්ගෝපදේශවලට අනුකූලව තරග පැවැත්වීම සඳහා ඔලිම්පික් මට්ටමේ නිලධාරීන්ගේ සහයෝගය ලබාගන්නා ලදි.

තරගාවලියේ ප්‍රධාන ජයග්‍රහණ:

  • මෙවර ජාතික බොක්සිං තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත හිමි වූ අතර, කාන්තා අංශයේ ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත හිමි විය.
  • ශ්‍රී ලංකා යුධ හමුදාවේ පියල් ධර්මසේන සහ සඳුනි ප්‍රියදර්ශනී විසින් මෙවර තරගාවලියේ විශිෂ්ටතම (දක්ෂතම) ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සඳහා වූ කුසලාන දිනාගන්නා ලදි.
  • වසරේ විශිෂ්ටතම (කැපී පෙනෙන) බොක්සිං ක්‍රීඩකයා කුසලානය පොලිස් ක්‍රීඩා සමාජයේ උමයංග මිහිරාන් වෙතද, වසරේ විශිෂ්ටතම ( කැපී පෙනෙන) බොක්සිං ක්‍රීඩිකාව කුසලානය හොරණ විද්‍යාරත්න ක්‍රීඩා සමාජයේ ආර්. ඒ. එන් පුෂ්පකුමාරි වෙතද හිමි විය.

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ නොසැලෙන සහයෝගය සමගින් පවත්වන ලද 97 වැනි ජාතික බොක්සිං තරගාවලිය, මෙරට බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මෙන්ම ඔවුන්ගේ උනන්දුව හා කැපවීමද නොමඳව ප්‍රදර්ශනය කළ ඉසව්වක් විය. එමෙන්ම එය වර්තමාන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අගයන අතරම ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාවේ අනාගතය සඳහා පදනම සකස් කළ ඉසව්වක් ලෙසද හැඳින්විය හැකි වේ. SLT-MOBITEL හි අතිනවීන FTTH තාක්ෂණය තුළින් පන්නරය ලබමින් PEO SPORTS ඔස්සේ විකාශය කරන ලද මෙම තරගාවලිය, ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් දිනාගනිමින්, ක්‍රීඩාවේ ආදර්ශමත් බව යළි තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩා ක්ෂේත්‍රයට දීප්තිමත් අනාගතයක් උදාකර දීම සඳහා වැදගත් ඉදිරි පියවර රැසක් තැබූ තරගාවලියකි.

වැඩිදුර තොරතුරු සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ PEO SPORTS Follow කරන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව