SLT-MOBITEL, NBQSA 2024 සම්මාන උළෙලේදී නවෝත්පාදනය වෙනුවෙන් සම්මාන 3 කින් පිදුම් ලබයි

image (1) (1) (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා පැවති ‘National Best Quality ICT Awards’ (NBQSA) හිදී  සම්මාන 3 කින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල කෝට්ටේ ‘Monarch Imperial’ හිදී පැවැත්විණි. එහිදී නවෝත්පාදනය උදෙසා පෙන්නුම් කළ කැපවීම වෙනුවෙන්, කාණ්ඩ 3 ක් යටතේ SLT-MOBITEL වෙත මෙම සම්මාන හිමි විය.
 



 
NBQSA හිදී ජයග්‍රහණ හිමි වූ SLT-MOBITEL ව්‍යාපෘති තුළින් විවිධ ක්ෂේත්‍රවල උන්නතිය උදෙසා සමාගම දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කරයි. මෙහිදී ‘කර්මාන්ත – නිෂ්පාදන’ කාණ්ඩයේ රිදී සම්මානය SLT-MOBITEL හි “SenseGrid IoT Solution” ව්‍යාපෘතිය වෙත හිමි විය. ‘Embryo Innovation’ කණ්ඩායම විසින් මෙම විසඳුම නිර්මාණයකරන ලද්දේ, නිෂ්පාදන කර්මාන්තයට සජීවීව දත්ත එක්රැස් කරමින් හා විශ්ලේෂණය කරමින් නිෂ්පාදන ක්‍රියාවලි ප්‍රශස්තකරණය කිරීමට උපකාරීවන පරිද්දෙනි. ‘Digital Projects’ කණ්ඩායම විසින් නිර්මාණයකරන ලද “Energen” ව්‍යාපෘතියට ‘තිරසරත්වය හා පරිසරය’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය හිමි විය. මෙය බලශක්ති කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම සහ ඒ පිළිබඳ දැනුවත්ව තීරණ ගැනීමට අවස්ථාව සලසා දීම තුළින් පාරිසරික ගැටලු අවම කිරීම ඉලක්ක කරගත් ව්‍යාපෘතියකි. මීට අමතරව ‘Enterprise Digital Products’ කණ්ඩායම විසින් PeoplesHR  සමග එක්ව නිර්මාණයකරන ලද “AkazaHR” විසඳුමට  ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා විසඳුම්’ කාණ්ඩයේ කුසලතා සම්මානයක් හිමි විය. මෙම විසඳුමෙහි අරමුණ වන්නේ මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කරමින් ආයතනයක සේවක සේවිකාවන්ට වඩාත් උසස් තලයේ අත්දැකීමක් පිරිනැමීම ය.

SLT-MOBITEL වෙනුවෙන් එහි නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී (නවෝත්පාදන) එම්. අයි. ඩීන්, සාමාන්‍යාධිකාරී (ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘති) ඉෂාරි සිරිවර්ධන, සාමාන්‍යාධිකාරී (ආයතනික සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සේවා) සෙල්වෙන්දිරන් විද්‍යාපන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (Digital Lab) අසේල එරන්ද, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඩිජිටල් ව්‍යාපෘති) දිනේෂ් පෙරේරා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යාපාරික ඩිජිටල් නිෂ්පාදන) දිනුෂා රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම සම්මාන උළෙලේදී SLT-MOBITEL වෙත හිමි වූ සම්මාන පිළිගත්හ.

මෙම සම්මාන, ශ්‍රී ලංකාවේ ආර්ථික හා තාක්ෂණික දියුණුවට වැදගත්වන අතිනවීන විසඳුම් නිර්මාණය කිරීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුවට හා කැපවීමට මනා සාක්ෂියක් ලෙස හැඳින්විය හැකි වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව