SLT-MOBITEL Mobile වෙතින් අසීමිත ප්‍රතිලාභ රැසක් සමග පෙරළිකාර ‘ONE SHOT’ පැකේජය හඳුන්වා දෙයි

SLT Telecom logo (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL Mobile, අසීමිත ප්‍රතිලාභ සහිත සුවිශේෂී පැකේජයක් ‘ONE SHOT’ නමින් හඳුන්වා දී ඇත. මෙය මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැනටමත් ‘Unlimited’ ලෙස හඳුන්වන පැකේජ කිහිපයක් වෙළඳපොළේ ඇති නමුත්, ඒවාට සාපේක්ෂව ‘ONE SHOT’ පැකේජය පාරිභෝගිකයන්ට සැබැවින්ම අසීමිත ප්‍රතිලාභ පිරිනමයි. මීට ඕනෑම ජාලයකට අසීමිත දුරකථන ඇමතුම් සහ SMS මෙන්ම, Facebook, Instagram,  TikTok, Messenger, YouTube සහ WhatsApp වැනි බහුලවම භාවිතා වන සමාජ මාධ්‍ය යෙදුම් සඳහා Nonstop ඩේටා පහසුකම්ද ඇතුළත් ය. ‘ONE SHOT’ මාසික පැකේජයට 30GB Anytime data ද, ඇතුළත් වන අතර, එහි ගාස්තුව රු. 989 කි. මීට අමතරව 7GB Anytime data සහිතව සතියක කාලයක් සඳහා වලංගු ‘ONE SHOT’ පැකේජයක්ද හඳුන්වා දී ඇති අතර, එහි ගාස්තුව රු. 289 කි.  තමන්ට අවශ්‍ය පැකේජයට අදාළ වටිනාකම රීලෝඩ් කිරීමෙන්, #170# ඩයල් කිරීමෙන් හෝ Selfcare App එක  භාවිතයෙන් මෙම පැකේජය සක්‍රීය කරගත හැකි වේ.

අඛණ්ඩව වසර 3 ක් ශ්‍රී ලංකාවේ වේගවත්ම ජංගම දුරකථන ජාලය ලෙස Ookla Speed Test ඇගයීමට ලක් වූ SLT-MOBITEL Mobile භාවිතා කරන පාරිභෝගිකයන්ට  දුරකථන සංඥා ආවරණය හෝ අන්තර්ජාල වේගය වැනි කරුණු සම්බන්ධයෙන් ගැටලු මතු නොවේ. ‘ONE SHOT’ පැකේජය මගින් දිවයින පුරාම වෙසෙන පාරිභෝගිකයන්ට විශිෂ්ට මට්ටමේ සම්බන්ධතාවක් සමග ඉහළම තලයේ අත්දැකීමක් විඳගත හැකි වනු ඇති අතර, මේ පිළිබඳව වැඩිදුර තොරතුරු www.sltmobitel.lk වෙබ් අඩවියෙහි දක්වා ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව