SLT-MOBITEL mCash සහ ලංකා සතොස එක් වී බිල්පත් ගෙවීමේ පහසුකම හඳුන්වා දෙයි පාරිභෝගික පහසුවේ නව යුගයක් සනිටුහන් කරයි

mCash x Sathosa - Image

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, මෙරට විශාලතම පාරිභෝගික භාණ්ඩ අලෙවිසැල් ජාලයවන ලංකා සතොස සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මේ යටතේ ලංකා සතොස අලෙවිසැල් ජාලයට අයත් අලෙවිසැල්වලදී බිල්පත් ගෙවීමේ පහසුකම හඳුන්වා දෙනු ලැබූ අතර, මෙමඟින් පාරිභෝගිකයන්ට නව අත්දැකීමක් ලැබෙනු ඇත.

 



 

මෙම හවුල්කාරීත්වය මඟින් ඉදිරියේදී SLT-MOBITEL mCash මගින් බලගන්වනු ලබන අතිනවීන මූල්‍ය තාක්ෂණ යටිතල පහසුකම් භාවිතයෙන්, දිවයින පුරා පිහිටි සතොස අලෙවිසල් 448 කට අධික සංඛ්‍යාවකදී බිල්පත් ගෙවීමේ පහසුකම පාරිභෝගිකයන් වෙත හිමි වේ. මෙමගින් පාරිභෝගිකයන්ට ලංකා සතොස අලෙවිසැල් වෙතින් එදිනෙදා භාණ්ඩ මිලදී ගන්නා අතරතුරම තම උපයෝගීතා සේවා හා දුරකථන බිල්පත්, රක්ෂණ වාරික, ෆිනෑන්ස් හා ලීසිං වාරික ආදිය ගෙවීමට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම ක්‍රමෝපායික හවුල්කාරිත්වය, ශ්‍රී ලංකාවේ පුළුල් මට්ටමේ ඩිජිටල් ආර්ථික වැඩසටහන් සමග සමපාත වන ප්‍රතිලාභ රාශියක් ලබා දෙයි. විශේෂයෙන් අර්ධ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන ජනතාවට මෙමගින් වැඩි වැඩියෙන් ඩිජිටල් සේවා භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. එකම ස්ථානයකින් භාණ්ඩ මිලදී ගැනීමට සහ බිල්පත් ගෙවීමට හැකි වීම මගින් ලැබෙන පහසුවට අතරම මෙමගින් රටේ විවිධ ප්‍රජා ඩිජිටල් ගනුදෙනු ක්‍රම වෙත යොමු වීම වේගවත් කිරීමටද හැකි වනු නිසැක ය.

දශකයකට අධික කාලයක් mCash මෙරට ඩිජිටල් ගනුදෙනු දිරිගන්වමින්, රටේ පුද්ගලයන් හා ව්‍යාපාර බලගන්වන විසඳුම් නිර්මාණය කරමින් සිටී. මුදල් කළමනාකරණය, බිල්පත් එකතු කිරීමේ සේවා, නියෝජිතායතන බැංකුකරණය, QR ගෙවීම් සහ ගෙවීම් ද්වාර සේවා ඇතුළු තවත් සේවා රැසක් සම්බන්ධයෙන් පෙරළිකාරී විසඳුම් හඳුන්වා දීමට mCash සමත් වී ඇත. ඉදිරියටත් රටේ වැඩි පිරිසක් වෙත ඩිජිටල් සේවා සමීප කරවීම සඳහා mCash කැප වී සිටී.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + nineteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව