SLT-MOBITEL mCash, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් විප්ලවීය වෙනසකට ලක්කිරීමේ 11 වැනි සංවත්සරය සමරයි

SLT Telecom logo (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL හි ජංගම මුදල් සේවා පදනම වන mCash පසුගියදා සිය 11 වැනි සංවත්සරය සැමරී ය. mCash යනු අතිනවීන ඩිජිටල් ගෙවීම් විසඳුම් සමගින් ශ්‍රී ලාංකිකයන් සවිබල ගන්වන සුවිශේෂී සේවාවකි. 2013 වසරේදී ආරම්භ වූ mCash සේවාව එතැන් පටන් මේ දක්වා වැඩි පිරිසක් වෙත මුල්‍ය සේවා සමීප කරවමින්, රටේ මුල්‍ය සේවා ක්ෂේත්‍රය පූර්ණ පරිවර්තනයකට ලක්කළ අතර මුදල් වෙනුවට නවීන ගෙවීම් ක්‍රම භාවිතා වන අනාගතයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම සඳහා SLT-MOBITEL mCash සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටී.
ජංගම මුදල් සංසරණය සම්බන්ධයෙන් වැඩිම වෙළඳපොළ ප්‍රතිශතයක් හිමි mCash මේ වනවිට ශ්‍රී ලංකාවේ තරගකාරී මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත් වී ඇත. මෙම ක්ෂේත්‍රය තුළ දැනට ජංගම ගෙවීම් යෙදුම් 25 ක්, බැංකුකරණ ආයතන 20 කට වැඩි සංඛ්‍යාවක් සහ බලපත්‍රලාභී ජංගම මුදල් සේවා සම්පාදක ආයතන 2 ක් ක්‍රියාත්මක වේ. පසුගිය දශකය තුළ බිල්පත් ගෙවීම් හවුල්කරුවන් 100 කට වැඩි පිරිසක් සහ අලෙවිසැල් 20,000 කට වැඩි සංඛ්‍යාවක් mCash සමග එක් වී ඇති අතර, මේ නිසා දිවයින පුරා පාරිභෝගිකයන්ට ඉතාමත් පහසුවෙන් මුල්‍ය ගනුදෙනු සිදුකිරීමට හැකියාව ලැබී ඇත.



පසුගිය දශකය තුළ අත්කරගත් සාර්ථකත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් අන්තර්කරණය සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා mCash නිරන්තරයෙන් කැප වී සිටී. අඛණ්ඩ දියුණුව සහ පාරිභෝගික-කේන්ද්‍රීය විසඳුම් සමගින් mCash පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය වූ මුල්‍ය ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීමේ උත්සාහයට නායකත්වය දීමට සූදානමින් සිටින අතර, එය මිලියන් ගණනක් ශ්‍රී ලාංකිකයන් වෙත මුල්‍ය ස්වාධීනත්වය ළඟා කර දෙන ගමනක් වනු නිසැක ය.
ඩිජිටල් ණය පහසුකම්වල සිට සම-සන්නාමගත ක්‍රෙඩිට් කාඩ්පත් සහ රක්ෂණ සේවා දක්වා විහිදෙන mCash සේවා, පාරිභෝගිකයන්ගේ මෙන්ම ව්‍යාපාරවල වෙනස් වන අවශ්‍යතා සපුරාලන අතර, ඒ නිසා විශ්වාසනීය මුල්‍ය තාක්ෂණ සහකරුවෙකු ලෙස කීර්තියක් දිනාගැනීමට mCash සමත් වී ඇත. පූර්ණ හා නව්‍ය මුල්‍ය සේවා එකතුවක් හරහා පාරිභෝගිකයන්ටත් ව්‍යාපාරවලටත් උපරිම පහසුවක් සැලසෙන පරිදි mCash හි සේවා සැලසුම් කර තිබේ. මෙම Mobile Wallet සේවාව මගින් පාරිභෝගිකයන්ට උපයෝගීතා සේවා බිල්පත් ගෙවීම, ජංගම දුරකථන රීලෝඩ් කිරීම, මුදල් මාරු කිරීම සහ LankaQR ගෙවීම් වැනි සේවා රාශියක්, ඉතාමත් පහසුවෙන් හා අතිශය සුරක්ෂිත ලෙස සිදුකළ හැකි වේ.
mCash දිවයින පුරා සේවා ස්ථාන 40,000 කට අධික සංඛ්‍යාවක් මගින් ගෙවීම් එකතුකිරීම් කළමනාකරණය සහ බිල්පත් හුවමාරු හැකියාව ආවරණය කරනු ලබයි. මෙලෙස පුළුල් ජාලයක් පැවතීම නිසා උපයෝගීතා සේවා සම්පාදකයන්, දුරකථන සන්නිවේදන සේවා, රක්ෂණ සමාගම්, ලීසිං සමාගම්, රජයේ ආයතන සහ පුණ්‍ය ආයතන වැනි විවිධාකාර කාණ්ඩවලට අයත් සමාගම් හා ආයතන වෙතින් ගෙවීම් භාරගැනීමට mCash සේවාවට හැකියාව ලැබී ඇත.


LankaQR සේවා සැපයීම සඳහා බලපත්‍රලාභී සේවා සම්පාදකයෙකු ලෙස mCash මේ වන විට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල සිට මහා පරිමාණ සුපිරි වෙළඳසැල් ජාල දක්වා සියලුම මට්ටම්වල ව්‍යාපාර සවිබල ගන්වමින්, රටේ ගෙවීම් සේවා ක්ෂේත්‍රය පූර්ණ පරිවර්තනයකට ලක්කරමින් සිටී. mCash හි QR තාක්ෂණය පදනම් කරගත් ගෙවීම් විසඳුම් මගින් මාර්ගගතව මෙන්ම අලෙවිසැල්වලදීද ගෙවීම් කළ හැකි අතර, එය ව්‍යාපාරවලටත් පාරිභෝගිකයන්ටත් සුවිශාල පහසුවකි.
මෙහි තවත් වැදගත් සාධකයක් නම්, mCash සේවාවේ නියෝජිතායතන බැංකුකරණ ආකෘතිය මගින් රටේ දුරස්ථ ප්‍රදේශවලටද මුල්‍ය සේවා සමීප කරවීමට හැකියාව ලැබී තිබීම ය. mCash බලයලත් සේවා ස්ථාන හරහා පාරිභෝගිකයන්ට මුදල් තැන්පතු, මුදල් ආපසු ගැනීම්, ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සහ ණය පියවීම් වැනි අත්‍යවශ්‍ය බැංකුකරණ සේවා ලබාගත හැකි අතර, මෙය මුල්‍ය සේවාවන්හි ව්‍යාප්තිය සම්බන්ධයෙන් රට තුළ පවතින අඩුපාඩු පියවීමට මහෝපකාරී වෙයි.
තවද mCash මේ වනවිට ජාත්‍යන්තර ප්‍රේෂණ සේවා වඩාත් සරල කිරීම සඳහා ගෝලීය මුදල් හුවමාරු සේවා සම්පාදකයන් සමගද ක්‍රමෝපායික හවුල්කාරීත්වයන්ට එළඹී සිටී. සිය ජංගම මුදල් යටිතල පහසුකම් භාවිතා කරමින්, මුදල් එවන්නන් සහ මුදල් ලබන්නන් යන දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ හිමි වන අඩු වියදම් අභ්‍යන්තර ප්‍රේෂණ සේවා සැපයීමට mCash සේවාවට මේ වනවිට හැකියාව ලැබී ඇත. මෙමගින් වඩාත් කාර්යක්ෂම ලෙස රටවල් අතර මුදල් ගනුදෙනු සිදුකළ හැකි වේ.
ඩිජිටල් නවෝත්පාදනය සම්බන්ධයෙන් අඛණ්ඩව අවධානය යොමුකිරීම හේතුවෙන් පසුගිය කාලය තුළ සම්මාන රැසකින් පිදුම් ලැබීමට mCash සේවාවට හැකියාව ලැබිණි. ‘Asian FinTech Academy Awards 2023’ හිදී හිමි වූ ‘Outstanding Innovations in Digital Payments & Collections in Sri Lanka’ සම්මානය, ‘Brand Finance and LMD’ වෙතින් හිමි වූ ‘3rd Most Loved Brand for Financial Transactions’ ඇගයුම සහ ‘SLIM Brand Excellence 2019’ හිදී හිමි වූ ‘Online Brand of the Year’ කාණ්ඩයේ රන් සම්මානය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.
ආරම්භයේ සිටම කැපීපෙනෙන වර්ධනයක් අත්කර ගනිමින් අතිසාර්ථක ලෙස වෙළඳපොළ ජයගැනීමට mCash සමත් විය. මේ වනවිට එහි පිරිවැටුම රු. ට්‍රිලියනය ඉක්මවන අතර, ගනුදෙනු වටිනාකම රු. මිලියන 200 ඉක්මවා තිබේ. mCash විසින් මේ වන විට ව්‍යාපාරික හවුල්කාරීත්වයන් 100 කට අධික සංඛ්‍යාවක් සහ වෙළඳ හවුල්කාරීත්වයන් 20,000 කට වැඩි සංඛ්‍යාවක් ගොඩනංවා ගනිමින්, ක්‍රමෝපායික හවුල්කාරීත්වන් ඔස්සේ අතිශය ශක්තිමත් සේවා ජාලයක් නිර්මාණය කරගැනීමට සමත් වී ඇත. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: www.sltmobitel.lk/mcash



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව