‘SLT-MOBITEL Laptop Fiesta’ ජයග්‍රාහකයන් ඇගයේ

Picture1 (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL විසින් පවත්වන ලද Laptop Fiesta වැඩසටහනේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය.

දීර්ඝ කාලයක් පුරා SLT-MOBITEL සේවාවන් භාවිතා කරමින්, අඛණ්ඩව බිල්පත් ගෙවීම හා රීලෝඩ් කිරීම සිදුකළ ස්ථාවර හා ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන්ට මෙම තරගයට ඇතුළු වීමට අවස්ථාව ලැබිණි. ඒ අතරින් ජයග්‍රහණය ලැබූ වාසනාවන්තයන් හා වාසනාවන්තියන් පිරිසකට මෙලෙස ලැප්ටොප් පරිගණක ප්‍රදානය කරන ලදි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණ භාවිතය තවදුරටත් පුළුල් කරමින් සහ ඩිජිටල් සාක්ෂරතාව නංවාලමින්, මෙරට ශිෂ්‍යයන් හා ව්‍යවසායකයන් ඇතුළු බොහෝ කාණ්ඩ සවිබල ගැන්වීමට SLT-MOBITEL සෑම විටම උත්සාහ කරයි. SLT-MOBITEL Laptop Fiesta යනු එම උත්සාහයේ තවත් එක් පියවරකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව