SLT-MOBITEL Enterprise සහ Itechro එක් වී වැවිලි කර්මාන්තය වෙනුවෙන් iHarvest ඩිජිටල් විසඳුම හඳුන්වා දෙයි

I Harvest (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයට ඩිජිටල් විසඳුම් හඳුන්වා දෙන ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සමාගමක් වන Itechro (පුද්.) සමාගම හා එක් වී, වැවිලි කර්මාන්තය වෙනුවෙන් iHarvest නමින් විශේෂ ඩිජිටල්කරණ පදනමක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

මීට අදාළ අවබෝධතා ගිවිසුමට SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ Itechro සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චාමර ජයවීර මහතා විසින් පසුගියදා අත්සන් තබන ලදි. දෙපාර්ශවය නියෝජනය කරන තවත් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

ධාරිතාව, සම්බන්ධතා විසඳුම්, උසස් ජාල පදනම් සේවා සහ ඩිජිටල් යටිතල පහසුකම් ආදිය සම්බන්ධයෙන් SLT-MOBITEL Enterprise සතු විශේෂඥ දැනුම නිසා, වැවිලි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකිරීමට Itechro හි iHarvest විසඳුමට හැකියාව ලැබෙනු ඇත.

iHarvest යනු ආයතනික වැවිලි අංශයේ ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් හා මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම අරමුණු කරගත්, ක්ලවුඩ් (Cloud) තාක්ෂණය මත පදනම් වූ වේදිකාවකි. වැවිලි කර්මාන්තයේ ඉහළ පෙළ මෙන්ම පහළ පෙළ මට්ටම් වැඩිදියුණු කළ හැකි ආකාරයට නිර්මාණය කර ඇති එය, වගාබිම් සහ වතු කළමනාකරණය සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය කළ හැකි වන ආකාරයට සැලසුම් කර ඇත. එමගින් අදාළ ක්‍රියාකාරකම් පූර්ණ විනිවිදභාවයකින් යුක්තව සිදුකළ හැකි නිසා, ඉක්මන් සහ නිවැරදි තීරණ ගැනීම වඩාත් පහසු වේ.

iHarvest හි ප්‍රධාන විශේෂාංග අතරට උපකරණ පුවරු, කාර්ය හා අයවැය කළමනාකරණය, අස්වැන්න කළමනාකරණය, පැමිණීම් වාර්තා ලබාගැනීම, තත්ත්ව සහතිකකරණය, ගෙවීම් කළමනාකරණය, කර්මාන්තශාලා මෙහෙයුම් සහ ප්‍රශස්තකරණය ආදිය ඇතුළත් වී ඇත. කාලයක් තිස්සේ වගා කටයුතු සිදුවන වතු සඳහා චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් වගාබිම්, පැළ සහ පොහොර ප්‍රශස්තකරණය සිදුකිරීම සම්බන්ධ ක්ෂේත්‍ර අත්හදා බැලීම්ද මේ වනවිට සිදුකෙරෙමින් පවතී.

SLT-MOBITEL Enterprise හි ක්ලවුඩ් (Cloud) සේවාවන් ප්‍රයෝජනයට ගනිමින්, වැවිලි සමාගම්වලට තවදුරටත් වටිනාකම් සහ පිරිවැය ප්‍රතිලාභ ලබාදීම සඳහා, දේශීය මුදලින් පිරිනැමෙන Azure Stack මත iHarvest විසඳුම host කෙරෙනු ඇත. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව, Capex සහ Opex යන මාදිලි දෙකෙ තුළම iHarvest විසඳුම පිරිනමනු ලැබේ. SLT-MOBITEL Enterprise වෙතින් පන්නරය ලබන iHarvest මෙරට වැවිලි කර්මාන්තයේ කුඩා, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාර, රාජ්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සවිබල ගන්වමින් සහ කර්මාන්තයේ  සුසමාදර්ශී වෙනසක් ඇති කරමින්, වැවිලි කර්මාන්තයේ නියුතු සමාගම් භාවිතා කරන ව්‍යාපාර මාදිලි වල කැපීපෙනෙන ඩිජිටල් පරිවර්තනයක් සිදුකිරීමට මහෝපකාරී වනු නිසැක ය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව