SLT-MOBITEL Enterprise සංවිධානය කළ 2024 Demo Day සාර්ථකව නිමාව දකී

SME Demo Day - Image 01 (LBN)

SLT-MOBITEL Enterprise සිය ව්‍යාපාරික හවුල්කරුවන් වෙනුවෙන් සංවිධානය කළ “SLT-MOBITEL Enterprise සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හවුල්කරුවන්ගේ 2024 Demo Day පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සමාගම් හා ආයතන රැසක නියෝජිතයන් රාශියක් මීට සහභාගී වූ අතර, SLT-MOBITEL Enterprise හි ව්‍යාපාරික හවුල්කරුවන් විසින් මෙරට ආයතනික පාරිභෝගිකයන් වෙනුවෙන් හඳුන්වා දී ඇති විසඳුම් හා සේවා රාශියක් දැකබලා ගැනීමට එහිදී ඔවුන්ට අවස්ථාව උදා විය.

 



 

දිවයින පුරා විසිරී සිටින ආයතනික පාරිභෝගිකයන්ට ඉතාමත් පහසුවෙන් SLT-MOBITEL Enterprise හරහා සේවා ලබාගත හැකි බව මෙහිදී පෙන්වා දෙන ලදී. මෙම සේවා සම්බන්ධයෙන් සිය ආයතනික පාරිභෝගිකයන්ට පූර්ණ මගපෙන්වීමක් ලබාදීමටද SLT-MOBITEL Enterprise මෙහිදී කටයුතු කළේ ය. මෙය රටේ ප්‍රමුඛතම ආයතනික තාක්ෂණික විසඳුම් හා සේවා සැපයුම්කරු SLT-MOBITEL Enterprise බව නැවත වරක් තහවුරු කළ අවස්ථාවක් විය.

SLT-MOBITEL Enterprise හි සේවාදායකයන්ට තම තොරතුරු හා සන්නිවේදන අවශ්‍යතා එකම ස්ථානයකින් සපුරා ගැනීමට අවස්ථාව හිමිවන නිසා ඔවුන්ට සැපයුම්කරුවන් රාශියකගෙන් වෙන වෙනම සේවා ලබාගැනීම අවශ්‍ය නොවේ. එමෙන්ම SLT-MOBITEL Enterprise හරහා ඉතාමත් විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාවක් ලැබෙන බවත්, එය සමාගම් හා ආයතනවල තොරතුරු පද්ධති ඉතාමත් කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාමට උපකාරීවන බවත් මෙහිදී පෙන්වා දෙන ලදී. මීට අමතරව, ව්‍යාපාරවලට ආවේණික වූ අවශ්‍යතා හඳුනා ගනිමින්, එම අවශ්‍යතා  සපුරාලීම සඳහා SLT-MOBITEL Enterprise කටයුතුකරන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට සමාගම් හා ආයතනවල නියෝජිතයන්ට මෙහිදී අවස්ථාව උදා විය.

මෙම වැඩසටන තුළදී ප්‍රදර්ශනයකරන ලද විසඳුම් හා සේවා අතරට Hayleys Fentons Pvt Ltd (NEC PABX), Finco Technologies Pvt Ltd (PABX විසඳුම්), Debug Computer Peripherals Pvt Ltd (Avaya PABX), Protek Solutions Pvt Ltd (PABX විසඳුම්), Fameglobal Pvt Ltd (PABX පද්ධති), Metropolitan Communications Pvt Ltd (NEC / MITEL / GRANDSTREAM) සහ Sri Lanka Telecom Services Pvt Ltd (Wireless PABX) යන සමාගම් මගින් හඳුන්වා දී ඇති සන්නිවේදන පද්ධති වර්ග රාශියක් ඇතුළත් වී තිබිණි.

එමෙන්ම Asian Technologies Pvt Ltd (Network devices & SD-WAN – Quantum Brand), Lanka com Pvt Ltd (Wireless VPN විසඳුම්), Connex 360 Pvt Ltd (SD-WAN), Bartleet IT (Ruijie Networking විසඳුම්), ITED Techno (Unifi Networking විසඳුම්) සහ SALA Enterprises (Prolink and Cudy WiFi විසඳුම්) යන සමාගම්වල ජාලකරණ හා සම්බන්ධතා විසඳුම්ද මෙහිදී ප්‍රදර්ශනය කරන ලදි.

Wi-Fi සේවා සම්පාදකයන් වශයෙන් Hayleys Fentons Pvt Ltd (Planet Wi-Fi විසඳුම) සහ Finco Technologies Pvt Ltd (Wi-Fi විසඳුම) යන සමාගම් මෙම වැඩසටහනට සහභාගී වූ අතර, Cloud and AI සේවා ඉදිරිපත්කරන ලද්දේ Evolza Holdings Pvt Ltd (CgaaS.ai) සහ Kodetech Pvt Ltd (Generative AI Assistant with Chatbot Solution) විසිනි. මීට අමතරව Connex 360 Pvt Ltd විසින් IoT and Smart විසඳුම් (Life Smart – IoT Demo kit) ඉදිරිපත් කරන ලදි.

කාර්යාල යාන්ත්‍රිකකරණය සහ කළමනාකරණය කාණ්ඩය නියෝජනයකරන ලද්දේ Connex 360 Pvt Ltd (Office Automation), Eguardian Pvt Ltd (ZOHO office automation Platform), Fameglobal Pvt Ltd (Office Automation) සහ Finetech consultancies Pvt Ltd (Atera IT management platform solution) විසිනි. ඩිජිටල් නිෂ්පාදන හා සේවා කාණ්ඩය යටතේ SLT Digital Services: (ඩිජිටල් සේවා එකතුව සහ Fleet management විසඳුම්) සහ Talentfort Pvt Ltd (ඩිජිටල් නිෂ්පාදන හා සේවා) විසින් තම විසඳුම් ඉදිරිපත් කරන ලදි.

විශේෂ මෘදුකාංග කාණ්ඩය යටතේ Kodetech Pvt Ltd (විවිධ මෘදුකාංග විසඳුම්),  Adeona Technologies Pvt Ltd (Adeona Foresight CRM & Restaurant management system) සහ Vista Solutions (Hotel PMS solution) යන සමාගම් තම විසඳුම් ඉදිරිපත් කළහ. Security හා Access Control විසඳුම් කාණ්ඩය යටතේ Debug Computer Peripherals Pvt Ltd විසින් ZKTECO biometrics විසඳුම ඉදිරිපත් කරන ලදි.

Debug Computer Peripherals Pvt Ltd (UPS) සහ LHP Solutions Pvt Ltd (On-grid සහ Off-grid සූර්ය බලශක්ති විසඳුම්) යන සමාගම් බලශක්ති විසඳුම් කාණ්ඩය නියෝජනය කළේ ය. යටිතල පහසුකම් සහ නිරීක්ෂණ කාණ්ඩය යටතේ Hayleys Fentons Pvt Ltd (NOC – Network Operations Center) සහ Sri Lanka Telecom Services Pvt Ltd (Network devices, server room sensors) යන සමාගම් තම නිෂ්පාදන හා සේවා ඉදිරිපත් කළහ.

“මේ ආකාරයට හවුල්කරුවන් සමග එක්ව කටයුතු කිරීම නිසා, පාරිභෝගිකයන්ට අවශ්‍ය සියලුම සේවා එකම ස්ථානයකින් ලබාදීමට අපට හැකියාව ලැබී තිබෙනවා. එය ප්‍රසම්පාදන හා කළමනාකරණ ක්‍රියාවලි පහසු කිරීම තුළින් පාරිභෝගික තෘප්තිය ඉහළ නංවන ක්‍රමවේදයක්. මේ ‘2024 Demo Day’ වැඩසටහන, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට තාක්ෂණික විසඳුම් සපයන ප්‍රමුඛතම සැපයුම්කරු බවට පත්වීමට අප දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” SLT-MOBITEL හි ප්‍රධාන ව්‍යාපාර නිලධාරී (ආයතනික ව්‍යාපාර) ලක්මාල් ජයසිංහ මහතා පැවසී ය.

ආයතනික විසඳුම් සම්බන්ධයෙන් තමන් සතු විශේෂඥ දැනුම සහ තම හවුල්කරුවන් ජාලයේ ශක්තිය එක්තැන් කරමින්, රට පුරා සමාගම් හා ආයතන වෙත නවීනතම ව්‍යාපාර තාක්ෂණික විසඳුම් පිරිනැමීම SLT-MOBITEL Enterprise හි අරමුණ වී තිබේ. එවැනි විසඳුම් සොයන ව්‍යාපාරවලට ඇති හොඳම විසඳුම  SLT-MOBITEL Enterprise බව Partner Demo Day 2024 මගින් පෙන්වා දෙන ලදි.

SLT-MOBITEL Enterprise මගින් පිරිනමනු ලබන විසඳුම් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 0112 389 389 දුරකථන අංකය, 070 500 4000 WhatsApp අංකය, bizsolutions@slt.com.lk ඊමේල් ලිපිනය හෝ www.sltmobitel.lk වෙබ් අඩවිය භාවිතා කරන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 11 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව