SLT-MOBITEL, Digital Transformation World Asia 2023, TM Forum Catalyst Awardsහිදී ඇගයීමට ලක්වේ

Picture2 (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Digital Transformation World Asia 2023, TM Forum Catalyst Awards හිදී ‘The Metaverse Experience: Re-inventing telco business – Phase II’ ව්‍යාපෘතිය වෙනුවෙන් ‘Best Innovation & Future Techco’ සම්මානය හිමිකර ගැනීමට සමත් විය.

දුරකථන සන්නිවේදන කර්මාන්තය තුළ නවෝත්පාදන, ශක්‍යතා තහවුරු කිරීම් සහ තිරසර ඉලක්ක සඳහා දක්වන දායකත්වය ඇගයීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ වේ.

වාර්ෂිකව පැවැත්වෙන Digital Transformation Asia 2023 සම්මන්ත්‍රණය, දුරකථන සන්නිවේදන සහ ඩිජිටල් තාක්ෂණ කර්මාන්තයන්හි සාමාජිකයන්ට එකට එක් වී තම ක්ෂේත්‍රයන්හි ඩිජිටල් පරිවර්තන ප්‍රවණතා, නවෝත්පාදන සහ විශිෂ්ටතම ක්‍රමවේද සාකච්ඡා කිරීමට ලැබෙන අගනා අවස්ථාවකි. මෙවර එම සම්මන්ත්‍රණය 2023 මාර්තු 14 වන දින සිට 16 වන දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණි.

සම්මන්ත්‍රණයේ අවසාන දිනයේදී, දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ පවතින දැවැන්ත අභියෝග සඳහා නව්‍ය විසදුම් නිර්මාණය කරනු ලැබූ catalyst කණ්ඩායම් සාමාජිකයන්ගේ ජයග්‍රහණ ඇගයීම ද සිදු කෙරිණි. විධිමත්, කඩිනම් සහ සහයෝගීතා ක්‍රියාවලියක් හරහා පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වේගවත් කිරීම මගින් නව තාක්‍ෂණය සහ නැගී එන ප්‍රවණතාවන්හි ඵලදායීතාව තහවුරු කිරීම Catalyst ව්‍යාපෘතිවල මූලික අරමුණ වේ.

ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින්, Business Impact, Sustainability & Impact on Society, Best Showcase, සහ Best Innovation & Future Techco යන කාණ්ඩ යටතේ ජයග්‍රාහී Catalyst ව්‍යාපෘති තෝරාගන්නා ලදි.

දුරකථන සන්නිවේදන කර්මාන්තය ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරීම අරමුණු කරගත් වඩාත්ම සුවිශේෂී නව්‍ය තාක්‍ෂණික විසඳුම් සහිත කණ්ඩායම වෙත ‘Best Innovation & Future Techco’ සම්මානය හිමි විය.

SLT-MOBITEL සමගින් China Academy of Information and Communications Technology (CAICT), China Mobile, China Telecom, China Unicom, SLT-MOBITEL, AsiaInfo Technologies, Beijing Tianyuan DIC Information Technology, Whale Cloud මෙම සම්මානලාභී Catalyst ව්‍යාපෘතියට දායක වී සිටී.

‘The Metaverse Experience: Re-inventing telco business – Phase II’ ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, Metaverse වෙළඳසැල් සහ සම්මන්ත්‍රණ ශාලා ක්‍රමවේදයක් ඔස්සේ පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කිරීම ය. එමෙන්ම මෙය Metaverse තුළ Customer avatars භාවිතය ද වැඩිදියුණු කරයි. මෙමගින් සන්නිවේදන සේවා සපයන්නන්ට තමන් සතුව දැනට පවතින නිෂ්පාදන හා සේවා මෙන්ම මෙහෙයුම් කාර්යක්ෂමතාවද වැඩිදියුණු කරගැනීමට අවස්ථාව හිමි වේ.

අන්තර්ජාලය මේ වනවිට විශාල පරිවර්තනයකට ලක්වෙමින් පවතින අතර, එය ‘Metaverse’ ලෙස හඳුන්වන, ඩිජිටල් ලෙස වැඩිදියුණු කරන ලද නව්‍ය අවකාශයක් බවට පරිණාමය වෙමින් පවතී. මෙය මිනිසුන්ගේ ජීවිත සහ ව්‍යාපාර කටයුතු පූර්ණ පරිවර්තනයකට ලක්කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම සම්මානය, සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ හැකියාව සහිත නව සංකල්ප සහ නවෝත්පාදන වැඩිදියුණු කිරීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුව හා කැපවීම නැවත වරක් තහවුරු කරයි. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ සහ එහි දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා SLT-MOBITEL ලබාදෙන දායකත්වයට මනා සාක්ෂියකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව