වසර ගණනක පටන් මිලියනපතියන් බිහිකරන SLT-MOBITEL ‘Cash Bonanza’ වැඩසටහන යටතේ දැන් තවත් වැඩි ත්‍යාග සහ දීමනා රැසක් පිරිනැමීමට නියමිතය. මෙම වැඩසටහන යටතේ, රු. මිලියන 12 ක වටිනාකමින් යුතු දැවැන්ත ත්‍යාග රැස අතරින් අලුත් සහ දැනටමත් SLT-MOBITEL Mobile සේවා ලබා ගන්නා පාරිභෝගිකයින් හට ජයග්‍රාහකයන් බවට පත්වීමේ අවස්ථාව හිමිකර දී ඇත.
SLT-MOBITEL Mobile සබඳතාවයකින් රු. 100 ක් වැනි සුළු මුදලක් රිලෝඩ් කිරීමෙන්, රීලෝඩ් ක්‍රමයට සැලසුමක් සක්‍රීය කරගැනීමෙන් හෝ බිල්පත් ගෙවීමෙන් වුව ද මෙම කුසපත් ඇදීමට ඇතුළත් විය හැකි වීම විශේෂත්වයකි. 2025 ජනවාරි 1 වනදා සිට 2025 ජුනි 30 වනදා දක්වා දියත් කෙරෙන Cash Bonanza වැඩසටහන මගින් සෑම මාස තුනකට වරක් රු. මිලියන 3 ක ඉහළ ම මුදල් ත්‍යාගය ද, සෑම මාසයකට වරක් රු. මිලියනය බැගින් ද පිරිනැමේ. එම ත්‍යාගවලට අමතරව වැඩසටහන දියත්වන කාලය තුළ තවත් අමතර ත්‍යාග රැසක් හිමිකර ගැනීමේ අවස්ථාව ද පාරිහෝගික ජනතාවට පිරිනැමේ.
දිවයින පුරා විවිධ උත්සව සහ ක්‍රියාකාරකම් සමග එක්ව දියත් කෙරෙන Cash Bonanza 2025 වැඩසටහන සම්ප්‍රදායික ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනකින් ඔබ්බට යමින් ජනතාවට විනෝද වීමටත්, ජයග්‍රහණ හිමිකර ගැනීමටත් හැකිවන ලෙස සැලසුම්කර ඇත. මෙරට විදුලි සංදේශන ක්ෂේත්රයේ විශාලත ම පාරිභෝගික රිවෝඩ් වැඩසටහන ලෙස සැලකෙන Cash Bonanza වැඩසටහන සෑම අයෙකුට ම ජයග්‍රාහකයෙකු වීමේ මග විවරකර දෙයි.
තවද, මෙමගින් සබඳතා සේවා පිරිනැමීමට අමතරව පාරිභෝගිකයින්ගේ ජිවිත වෙනස් කිරීමේ අරමුණින් ඔවුන්ගේ ළෙන්ගතුබව ඇගයුමට ලක් කිරීම සඳහා SLT-MOBITEL දක්වන කැපවීම ද මනාව පිළිබිඹු වේ.
ජයග්‍රහණ හිමිකර ගත හැකි අවස්ථා පරික්ෂා කිරීම සඳහා පාරිභෝගිකයින් කළ යුත්තේ #151# ඇමතීම පමණි. ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කෙරෙනුයේ, අමතර තහවුරුකර ගැනීම්වලින් අනතුරුව 071 2755777 අංකය හරහා පමණි.
අසමසම සබඳතා විසඳුම් පිරිනැමීම සඳහා SLT-MOBITEL සමාගම දක්වන කැපවීම Cash Bonanza වැඩසටහන මගින් තවදුරටත් තහවුරු වෙයි. තවද, බ්‍රෝඩ්බෑන්ඩ් සහ ජංගම දුරකථන ජාල පරික්ෂාකරන ලොව ප්‍රමුඛත ම ආයතනයවන Ookla ආයතනය විසින් SLT-MOBITEL යනු මෙරට වේගවත් ම 4G ජංගම දුරකථන ජාලය ලෙස සහතිකකර ඇත.
ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා ලෙස SLT-MOBITEL සමාගම, අසමසම සබඳතා විසඳුම් සමගින් මෙරට ඩිජිටල් පරිවර්තනයේ මීළඟ අදියරට ශ්‍රී ලංකාව ගෙන යාම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් Cash Bonanza වැනි නව්‍ය වැඩසටහන් හරහා මෙරට ජනතාවගේ ජීවිත වෙනසකට ලක් කිරීම වෙනුවෙන් නිබඳ කැපවී සිටී.