SLT-MOBITEL, Business Today TOP 40 2022-2023 ලැයිස්තුවට එක් වූ එකම දුරකථන සමාගම බවට පත්වෙයි

SLT Telecom logo (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, Business Today TOP 40 2022-2023 ලැයිස්තුවට එක් වූ එකම දුරකථන සමාගම බවට පත්වෙමින්, මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ තම පුරෝගාමීත්වය නැවත වරක් තහවුරුකර ගැනීමට පසුගියදා සමත් විය. මෙය රට තුළ පවතින අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් අඛණ්ඩව ඉදිරියට යාමට සමාගම සමත් වී ඇති බවට මනා සාක්ෂියකි.

 



 

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ වැඩිම බලපෑමක් ඇතිකිරීමට සමත්වන සමාගම්වලට Business Today සඟරාවේ TOP 40 2022-2023 ලැයිස්තුගතකිරීම්වලට ඇතුළත් වීමට අවස්ථාව හිමි වේ. ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ කැපීපෙනෙන බලවේගයක් බවට පත්වෙමින්, රටේ ඩිජිටල් පරිසරය හැඩගැස්වීම සඳහා ඉටුකළ වැදගත් භූමිකාව වෙනුවෙන් SLT-MOBITEL වෙත මෙම අවස්ථාව හිමි විය.

විශේෂයෙන්ම වැඩි පිරිසක් වෙත සම්බන්ධතා සහ ඩිජිටල් පහසුකම් සමීප කරමින්, ශ්‍රී ලංකාව වඩාත් සම්බන්ධිත සහ තාක්ෂණික වශයෙන් දියුණු අනාගතයක් වෙත රැගෙන යාම සඳහා නවෝත්පාදනය ඔස්සේ SLT-MOBITEL ඉටුකළ මෙහෙවර මෙහිදී විශේෂ ඇගයීමකට ලක් වී තිබේ. මීට අමතරව, මූල්‍ය කාර්යසාධනය, ක්‍රමෝපායික වැඩසටහන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවණතා සම්බන්ධයෙන් ඇතිකළ බලපෑම යනාදී සාධකද මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.

තවද තම ෆයිබර්(Fibre) ජාලය කිලෝමීටර් 65,000 ඉක්මවා ව්‍යාප්ත කිරීම, සුහුරු ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, Embryo හරහා පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් දිරිගැන්වීම සහ AI/ML හා Metaverse වැනි තාක්ෂණ හඳුන්වා දීම සඳහා හවුල්කාරීත්ව ඇතිකරගැනීම වැනි සාධක සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වී තිබේ.

ඉදිරියටත් නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් පිරිනමමින්, නව තාක්ෂණය වෙනුවෙන් ආයෝජනය කරමින්, පරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලමින්, රටේ ඩිජිටල් න්‍යායපත්‍රය ශක්තිමත් කිරීමට SLT-MOBITEL කැප වී සිටී.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් රටේ සියලුම කර්මාන්ත, ව්‍යාපාර හා ජීවන රටාවන්හි ප්‍රගතිය බලගැන්වීමට SLT-MOBITEL කටයුතු කරයි. ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට සන්නිවේදන පහසුකම් ලබාදීමේ සිට ව්‍යාපාරවලට නවීනතම විසඳුම් හඳුන්වා දීම දක්වා, විශිෂ්ට හා විශ්වාසනීය සම්බන්ධතා පහසුකම් ඔස්සේ රටේ සංවර්ධනයට උරදීමට සමාගමට හැකි වී තිබේ. එමෙන්ම විවිධ ක්ෂේත්‍ර සමග සම්බන්ධතා ගොඩනංවාගනිමින්, ඵලදායීතාව හා ආර්ථික වර්ධනය ඉහළ නංවමින්, ඩිජිටල් අන්තර්කරණය ශක්තිමත් කරමින්, අනාගතයට ගැළපෙන තාක්ෂණයන් ඔස්සේ ව්‍යාපාර බලගැන්වීමටද SLT-MOBITEL පියවර ගනිමින් සිටී. රටේ ඉදිරි ගමනට සමගාමීව මෙම මෙහෙවර අඛණ්ඩව ක්‍රියාවට නැංවීම SLT-MOBITEL හි අපේක්ෂාව වී තිබේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව