SLT-MOBITEL 39 වැනි වාර්ෂික වෙළඳ සේවා මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අනුශූරතාව දිනා ගනී

Image - 39th annual mercantile (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL හි මළල ක්‍රීඩා කණ්ඩායම, පසුගියදා පැවති 39 වැනි වාර්ෂික වෙළඳ සේවා මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අනුශූරයන් බවට පත් විය. මෙම තරගාවලිය දින තුනක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

SLT-MOBITEL කණ්ඩායම මෙම තරගාවලියේදී දිවයිනේ සමාගම් හා ආයතන 50 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කළ මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2,500 කට අධික සංඛ්‍යාවක් සමග තරග වැදුණු අතර, එහිදී තරග ඉසව් රැසකදී විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින්, අභියෝගතා කුසලාන සහ පදක්කම් රැසක් දිනාගනිමින්, තරගාවලියේ අනුශූරයන් බවට පත්වීමට සමත් විය.
 



 

මෙම දක්ෂතා හේතුවෙන් පිරිමි අංශයේ සමස්ත අනුශූරතාවට අමතරව විශිෂ්ටතම නවක ක්‍රීඩකයා සහ වයස 40 ට වැඩි කාණ්ඩයේ විශිෂ්ටතම ක්‍රීඩකයා යන අංශවල ජය වාර්තා කිරීමටද  SLT-MOBITEL කණ්ඩායමට හැකියාව ලැබිණි. මේ ජයග්‍රහණ සියල්ල ීඛඔ-ඵධඊෂඔෑඛ මළල ක්‍රීඩා කණ්ඩායමේ උනන්දුව, කැපවීම, විශිෂ්ටත්වය සහ කණ්ඩායම් හැඟීම මෙන්ම ‘Together we can win’ යන තේමා පාඨයේ හරයද මැනැවින් නිරූපණය කරයි.

එමෙන්ම මෙය හුදෙක් ව්‍යාපාරික සාර්ථකත්වයෙන් නොනැවතී, ආයතනික සංස්කෘතියේ සියලුම පැතිමාන තුළ විශිෂ්ටත්වය සනිටුහන් කිරීම සඳහා SLT-MOBITEL දරන ප්‍රයත්න මැනැවින් පිළිබිඹුකරන ජයග්‍රහණයක් ලෙසද හැඳින්විය හැකි වේ. කණ්ඩායම් හැඟීම සහ විනය මෙන්ම රැකියාව හා පෞද්ගලික ජීවිතය අතර සමබරතාව ඇතිකිරීම සඳහා ක්‍රීඩාව මගින් ඉටුවන මෙහෙවර SLT-MOBITEL හොඳින් හඳුනයි. ඒ ඔස්සේ ක්‍රීඩාශීලීත්වය ප්‍රවර්ධනයකරන අතරම කාර්ය මණ්ඩලයට තම දක්ෂතා වැඩිදියුණු කරගැනීමට අවස්ථාව හිමිවන පසුබිමක් නිර්මාණය කිරීමට SLT-MOBITEL පියවර ගෙන  තිබේ.

වෙළඳ සේවා වාර්ෂික මළල ක්‍රීඩා තරගාවලිය යනු ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ලෝකය  තුළ අතිශයින් ජනප්‍රිය ක්‍රීඩා තරගාවලියකි. රටේ ප්‍රමුඛ පෙළේ සමාගම් හා ආයතන නියෝජනයකරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රාශියක් ඊට සහභාගී වෙති. එමෙන්ම 2024 වෙළඳ සේවා මළල ක්‍රීඩා තරගාවලිය ලෝක මළල ක්‍රීඩා ඉසව් ලැයිස්තුවට (Word Athletics calendar) ද ඇතුළත් වී තිබේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව