
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, අන්තර්ජාල පරීක්ෂණ සහ විශ්ලේෂණ සම්බන්ධ ගෝලීය ප්‍රමුඛයා වන Ookla® වෙතින් 2024 වසර සඳහා ශ්‍රී ලංකාවේ වේගවත්ම 4G ජාලය ලෙස ඇගයීමට ලක්විය. SLT-MOBITEL ජාලයේ අතිවිශිෂ්ට ක්‍රියාකාරිත්වය සහ, ඩිජිටල් විශිෂ්ටත්වය සම්බන්ධයෙන් සමාගම දක්වන උනන්දුව කැපවීම අගය කරමින්, බාසිලෝනා හි පැවති Mobile World Congress (MWC) 2025 හිදී මෙම ගෞරවණීය සම්මානය පිරිනමන ලදී.
මෙම සම්මානය, පාරිභෝගිකයින්ට වඩාත් උසස් ජාල අත්දැකීමක් සහ වඩාත් පුළුල් ආවරණයක් පිරිනැමීම සඳහා අති නවීන තාක්ෂණික විසඳුම් ඔස්සේ ශ්‍රී ලංකාව පුරා තම ජාල යටිතල පහසුකම් ව්‍යාප්ත කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා SLT-MOBITEL සිදුකරන දැවැන්ත ආයෝජන සහ උත්සාහයන්හි සෘජු ප්‍රතිඵලයකි.
“ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ඩිජිටල් යටිතල පහසුකම් ජාලයක් නිර්මාණය කිරීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුව හා කැපවීම මෙම සම්මානය මගින් නැවත වරක් තහවුරු වනවා. රටේ ඩිජිටල් පරිවර්තනයේ ඉදිරි ගමන සාර්ථක වීම සඳහා විශ්වාසනීය හා අධිවේගී දුරකථන සන්නිවේදන ජාලයක් අත්‍යවශ්‍යයි. මෙම සම්මානය මගින් SLT-MOBITEL නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය සම්බන්ධයෙන් දක්වන උනන්දුව මැනැවින් පිළිබිඹු වනවා. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ ඩිජිටල් අන්තර්කරණ ඉලක්ක සපුරා ගැනීමට අත්වැලක් වීමට කැප වී සිටින සමාගමක් වශයෙන් අප රටේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයෙන් ඉදිරියෙන්ම සිටින බව යළි තහවුරු කරන ඇගයීමක් ලෙස හැඳින්වීමට පුළුවන්.” SLT සමූහයේ සභාපති මොතිලාල් ද සිල්වා මහතා පැවසීය.
SLT-MOBITEL සතු 4G ජාලය දිවයින පුරා වෙසෙන ජනතාවට කිසිදු භේදයකින් තොරව නවතම තාක්ෂණයන් භාවිතා කිරීමට අවස්ථාව සලසා දී තිබේ. සමාගම සතු ඉහළ තලයේ සම්බන්ධතා පහසුකම් හේතුවෙන්, AI තාක්ෂණය මගින් බලගැන්වෙන විසඳුම් වඩාත් පුළුල් ලෙස භාවිතයට ගැනීමට හැකි වී ඇත. තරුණ පරපුරට AI යෙදුම් රිසි සේ භාවිතා කිරීමට අවස්ථාව උදාකර දීම සඳහා සමාගම විසින් මෑතකදී හඳුන්වා දෙන ලද නවතම ‘Hello AI’ පැකේජය, තරුණ තරුණියන්ට ඵලදායිතාව, අධ්‍යාපනය සහ නවෝත්පාදනය සඳහා AI තාක්ෂණයන් උපයෝගී කරගැනීමට විශාල පිටිවහලක් වී තිබේ. මෙය සෑම පුද්ගලයෙකුටම තාක්ෂණයේ විකාශනය පිළිබඳව නිසි අවබෝධයක් සහිතව එය ප්‍රායෝගිකව අත්විඳීමට අවස්ථාව සලසමින්, දැනුමින් පිරිපුන් සමාජයක් නිර්මාණය කිරීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුවට මනා සාක්ෂියකි.
4G තාක්ෂණය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින අතරම, දැනට ක්‍රියාත්මක වන 5G තාක්ෂණික අත්හදා බැලීම් සමගින් මීළඟ පරපුරේ සම්බන්ධතා තාක්ෂණයන් සම්බන්ධයෙන්ද කැපීපෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට SLT-MOBITEL සමත් වී ඇත. තෝරාගත් නගරවල 5G තාක්ෂණික අත්හදා බැලීම් සිදුකරමින්, එම තාක්ෂණය අත්විඳීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ. මෑතකදී, පරීක්ෂණ තත්ත්වයන් යටතේ 5G උසස් තාක්ෂණ අත්හදා බැලීම් සිදු කරමින්, 5Gbps ඉක්මවන වේගයක් වාර්තා කිරීමට SLT-MOBITEL සමත් විය. මේ සියල්ල, ශ්‍රී ලංකාව ලොව දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම ස්ථානගත කරන අතරම, අනාගත අභියෝගවලට මුහුණ දීමට හැකි වන පරිදි රටේ ඩිජිටල් යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුව මැනැවින් පිළිබිඹු කරයි.
මීට පෙරද සිය ජාලයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලැබීමට SLT-MOBITEL සමත් විය. මීට පෙර 2021 වසරේදී සහ 2020 වසරේ 3 වන හා 4 වන කාර්තු සඳහා Ookla වෙතින් SLT-MOBITEL වෙත ‘Fastest Mobile Network’ සම්මානය හිමි විය. මෙම අඛණ්ඩ සාර්ථකත්වය මගින් පෙනී යන්නේ, සේවා ගුණාත්මකභාවය සහ තාක්ෂණික දියුණුව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුව හා කැපවීමයි.
Ookla සම්මාන පිරිනමනු ලබන්නේ Speedtest® යෙදුම හරහා සිදුකරනු ලබන පාරිභෝගික පරීක්ෂණවල ප්‍රතිඵල අනුවය. එමගින් දිවයින පුරා පාරිභෝගිකයන් විසින් සැබැවින්ම අත්විඳින ලද ජාල ක්‍රියාකාරීත්වයන් නිරූපණය වේ.
SLT-MOBITEL හි සම්මානලාභී ජාලය හා සේවාවන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න.