SLT-MOBITEL 2024 වාර්ෂික වාර්තාව පාකිස්ථානයේදී SAFA රිදී සම්මානයකින් පිදුම් ලබයි

Capture

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති SAFA Best Presented Annual Report Awards, Integrated Reporting Awards, and SAARC Anniversary Awards for Corporate Governance Disclosures 2024 හිදී සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ කාණ්ඩය යටතේ රිදී සම්මාන හිමිකර ගැනීමට සමත් විය. මෙහි නිල සම්මාන ප්‍රදානෝත්සවය පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්විණි.




මෙම සම්මානය හිමි වූයේ SLT-MOBITEL විසින් 2024 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික වාර්තාව වෙනුවෙනි. දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනය [South Asian Federation of Accountants (SAFA)] විසින් මෙම සම්මානය ප්‍රදානය කරන ලද අතර, එම සම්මේලනයේ විනිවිදභාවය, වගවීම සහ පාලනය වැඩිදියුණු කිරීම සඳහා වූ කමිටුව (Committee for Improvement in Transparency, Accountability, and Governance) විසින් සිදුකරන ලද ඇගයුම් ක්‍රියාවලියකින් අනතුරුව සම්මාන සඳහා ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදී. SLT-MOBITEL වෙනුවෙන් එහි අලෙවි කළමනාකරු තුෂාර අමරනාත් සහ ගණකාධිකාරිනී (මූල්‍ය ගිණුම්කරණ සහ බදු) ගයත්‍රිකා සචින්තනි මෙම සම්මානය පිළිගත්හ.

මෙම සම්මාන සඳහා ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් 8 හි සමාගම් හා ආයතන රැසක් ඉදිරිපත් වී තිබිණි. ඒ අතරින් මෙම සම්මාන SLT-MOBITEL වෙත හිමි වීම, මූල්‍ය හා ආයතනික පාලන වාර්තාකරණය සම්බන්ධයෙන් සමාගම දකුණු ආසියානු කලාපය තුළ ඉදිරියෙන්ම සිටින බවට මනා සාක්ෂියකි.

SAFA Best Presented Annual Report Awards හිදී එහි විනිශ්චය මණ්ඩලය විසින්, මූල්‍ය වාර්තාකරණය, ඒකාබද්ධ වාර්තාකරණය සහ ආයතනික පාලන තොරතුරු අනාවරණය සම්බන්ධ පැහැදිලි බව, අඛණ්ඩතාව සහ පාලන ප්‍රමිතීන් යන සාධක කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරමින්, දකුණු ආසියාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් හා ආයතන විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශිත වාර්ෂික වාර්තා ඇගයීමට ලක් කරන ලදී.

මෙම සම්මානය, ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය සහ අවංකභාවය උදෙසා SLT-MOBITEL දක්වන කැපවීම මැනැවින් පිළිබිඹු කරයි. පාලනය සහ වගවීම සම්බන්ධ ජාත්‍යන්තර නිර්ණායක පදනම් කරගෙන පිරිනමන ලද මෙම සම්මානය, SLT-MOBITEL සමාගම සිය ව්‍යාපාරික ශක්තිය සහ පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය වැඩිදියුණු කරන උසස් තත්ත්වයේ ඒකාබද්ධ වාර්තාකරණ සහ අනාවරණ ක්‍රියාවලියක් අනුගමනය කරන බවට මනා සාක්ෂියකි. කලාපීය වශයෙන් පිළිගත් ගෞරවණීය ඇගයුමක් වන එය, ආයතනික හෙළිදරව් කිරීම්වලදී වගවීම සහ අඛණ්ඩතාව කෙරෙහි SLT-MOBITEL දක්වන අවධානය තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව