SLT-MOBITEL සමූහයේ 2024 වසරේ 3 වැනි කාර්තුවේදී රු. මිලියන 1,093 ක බදු-පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය පෙර වසරේ වාර්තා වූ රු. මිලියන 1,543 ක අලාභයට සාපේක්ෂව 171% ක් වැනි කැපීපෙනෙන වර්ධනයකි. සමාගම් මට්ටමින් ගත් විට Sri Lanka Telecom PLC (SLT) පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 651 ක අලාභයට සාපේක්ෂව 2024 වසරේ 3 වැනි කාර්තුවේදී රු. මිලියන 932 ක බදු-පසු ලාභයක් වාර්තා කර ඇති අතර, මෙයද සමාගමේ අලාභ වාර්තා වීමේ ප්‍රවණතාව සාර්ථක ලෙස ලාභ ලැබීම වෙතට පරිවර්තනය වී ඇති බවට මනා සාක්ෂියකි.
මෙම සමාලෝචනයට අදාළ කාර්තුව සඳහා සිය ඒකාබද්ධ ආදායම රු. බිලියන 28.5 ක් බව සමාගම නිවේදනය කර ඇත. මෙය පෙර වසරේදී වාර්තා වූ රු. බිලියන 27.7 ට සාපේක්ෂව 3% ක වර්ධනයකි. දළ ලාභය පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 9.9 ට සාපේක්ෂව 24.8% කින් වර්ධනය වී රු. බිලියන 12.3 ක් ලෙස වාර්තා වී තිබේ. සමූහය පුරා ක්‍රියාවට නංවන ලද පිරිවැය අවම කිරීමේ වැඩසටහන් සාර්ථක වීම, මෙම ප්‍රගතියට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
සමූහයේ මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 2024 වසරේ 3 වැනි කාර්තුවේදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 10.5 ක් ලෙස වාර්තා වී තිබේ. මෙය පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 8 ට සාපේක්ෂව 30.6% ක වර්ධනයකි. මීට අමතරව, මෙහෙයුම් ලාභය රු. බිලියන 3.6 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය පෙර වසරේ වාර්තා වූ. රු. මිලියන 549 ට සාපේක්ෂව 551% ක් වැනි දැවැන්ත වර්ධනයකි.
වියදම් අතින් ගත් විට, 2024 වසරේ 3 වන කාර්තුවේදී අංශ කිහිපයකම වියදම් සැලකිය යුතු මට්ටමකින් අවම කරගැනීමට සමූහය සමත් වී තිබේ. විශේෂයෙන්ම වාර්ෂික නඩත්තු වියදම් සහ අලුත්වැඩියා පිරිවැය අවම කරගැනීමට සමූහයට හැකි වී ඇති අතර, මෙය පෙර වසරට සාපේක්ෂව පිරිවැය සැලකිය යුතු මට්ටමකට අවම වීම සඳහා බලපා ඇත. කාර්තුව සඳහා පිරිවැය (ක්ෂය වීම් සහ ක්රමක්ෂය වීම් හැර) රු. බිලියන 18 ක් වන අතර, එය පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 19.7 ට සාපේක්ෂව 8.3% ක අඩුවීමකි. මීට අමතරව, මූල්‍ය පහසුකම් පිරිවැය 18.1% කින් අඩු වීමද මෙම යහපත් මූල්‍යමය කාර්යසාධනයට බලපා ඇත.
සමාගම් මට්ටමින් ගත් විට, වසරේ 3 වන කාර්තුවේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රු. බිලියන 18 ක ආදායමක් වාර්තා කර ඇති අතර, මෙය පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 17.5 ට සාපේක්ෂව 3.4% ක හෙවත් රු. මිලියන 603 ක ඉහළ යාමකි. දළ ලාභයද 2023 වසරේ 3 වැනි කාර්තුවට සාපේක්ෂව 22.8% ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 1.6 කින් ඉහළ ගොස් ඇත. මීට අමතරව, මෙහෙයුම් පිරිවැය සාර්ථක ලෙස කළමනාකරණය කරගනිමින් එම පිරිවැය පෙර වසරට සාපේක්ෂව 5.4% කින්, එනම් රු. මිලියන 638 කින් අඩු කර ගැනීමට සමාගම සමත් වී ඇති අතර, වාර්ෂික නඩත්තු වියදම්, අලුත්වැඩියා පිරිවැය සහ වාහන කුලී පදනම මත ලබාගැනීමේ වියදම් යනාදිය අවම කිරීම ඔස්සේ එය සිදුකරන ලදි.
මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 21.8% කින්, එනම් රු. බිලියන 1.2 කින් වර්ධනය වීම, සමාගමේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු වී ඇති බවට මනා සාක්ෂියකි. මෙහෙයුම් ලාභය 2023 වසරේ 3 වන කාර්තුවට සාපේක්ෂව 299% ක් වැනි ඉහළ අගයකින් වර්ධනය වී, රු. බිලියන 2.5 ක් ලෙස වාර්තා වී ඇත. එමෙන්ම මූල්‍ය පහසුකම් වියදම් 28.2% කින් අඩු කරගනිමින් කාර්තුවේ ලාභය ඉහළ නංවා ගැනීමට සමාගමට හැකියාව ලැබිණි.
සමාගමේ බදු පසු ලාභය සුවිශේෂී පරිවර්තනයකට ලක්වෙමින්, 2023 වසරේ 3 වන කාර්තුවට සාපේක්ෂව 243% කින්, එනම් රු, බිලියන 1.6 කින් වර්ධනය වී තිබේ. මෙය මූල්‍ය කළමනාකරණය කාර්යක්ෂම ලෙස සිදුකර ඇති බවට සහ වර්ධන ක්රමෝපායන් සාර්ථක ලෙස ක්‍රියාවට නංවා ඇති බවට මනා සාක්ෂියකි.
පෙර වසරට සාපේක්ෂව 2024 වසරේ 3 වැනි කාර්තුවේදී අංශ රැසක් සම්බන්ධයෙන් කැපීපෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට මොබිටෙල් සමාගම සමත් විය. ප්‍රධාන වශයෙන් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන්හි සිදු වූ වර්ධනය හේතුවෙන් සමාගමේ ආදායම 7.9% කින් වර්ධනය වී රු. බිලියන 11.7 ක් ලෙස වාර්තා වී ඇති අතර, මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 40% කින් වර්ධනය වී රු. බිලියන 3.6 ලෙස වාර්තා වීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉතා යහපත් මට්ටමක පවතින බවට සාක්ෂි දරයි. විශේෂයෙන්ම, පෙර පැවති අලාභ වාර්තා වීමේ ප්‍රවණතාව මුළුමනින්ම වෙනස් කරමින් රු. මිලියන 898 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට මොබිටෙල් සමාගම සමත් වී ඇත. සමාගමේ ශුද්ධ ලාභය 102% කින් වර්ධනය වීම, සාර්ථක ප්රතිසාධනයක මෙන්ම කාර්යක්ෂම පිරිවැය කළමනාකරණ ක්රමෝපායන් එකතුවක ප්‍රතිඵල සංකේතවත් කරයි.
සමූහයේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් යන සමාගම් දෙකම 2024 වසරේ 3 වැනි කාර්තුවේදී නැවත ලාභදායීත්වය ළඟා කරගෙන ඇති අතර, එය සේවා ප්‍රමිතිය පවත්වා ගනිමින් සාර්ථක ලෙස පිරිවැය ප්‍රශස්තකරණ ක්රමෝපායන් ක්‍රියාවට නැංවීමට සමූහය සමත් වී ඇති බවට මනා සාක්ෂියකි. දිගින් දිගටම ක්‍රමෝපායික ආයෝජන සිදුකරමින් සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව පවත්වා ගනිමින් 4 වැනි කාර්තුවේදී මීටත් වඩා යහපත් ප්‍රතිඵල වාර්තා කිරීම සමූහයේ අපේක්ෂාව වී තිබේ.