SLT-MOBITEL 2024 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී සම්මාන 6 කින් පිදුම් ලබයි

Image - NPMEA (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, 2024 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී සම්මාන 6 කින් පිදුම් ලැබීමට සමත් විය. පුරෝගාමී නවෝත්පාදන විසඳුම් හඳුන්වා දීම, ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සහ තම විශිෂ්ට ජයග්‍රහණ ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත පෝෂණය කිරීම සඳහා දක්වන කැපවීම වෙනුවෙන්  SLT-MOBITEL වෙත මෙම සම්මාන හිමි විය.

 



 

ව්‍යාපෘති කළමනාකරණයේදී ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කරගනිමින්, විවිධාකාර වූ ක්ෂේත්‍ර තුළ යහපත් වෙනස්කම් ඇතිකිරීමට දායකවන විසඳුම් සම්පාදනය කිරීම සඳහා SLT-MOBITEL හි කැපවීම මෙම සම්මාන තුළින් මැනැවින් නිරූපණය වේ. සමාගමේ පෙරළිකාරී පර්යේෂණ හා සංවර්ධන අංශයවන ‘The Embryo’ මෙහිදී විවිධ ක්ෂේත්‍ර තුළ තමන් විසින් ක්‍රියාවට නංවන ලද පුරෝගාමී ව්‍යාපෘති සහ ව්‍යාපෘති කළමනාකරණය කිරීමේදී පෙන්නුම් කළ කුසලතා වෙනුවෙන් රන් සම්මාන තුනකින් පිදුම් ලැබී ය.

GenAI පදනම් කරගත් ආයතනික දැනුම් කේන්ද්‍ර විසඳුමක්වන ‘The Aisle’ වෙනුවෙන් ‘AI සහ දත්ත විද්‍යාව’ කාණ්ඩය යටතේ  රන් සම්මානයක් හිමිකර ගැනීමට The Embryo කණ්ඩායම සමත් විය. එමෙන්ම ඡායාරූප හඳුනාගැනීමේ තාක්ෂණය භාවිතා කරමින් ශාකවලට වැළඳෙන රෝග කළමනාකරණය කිරීමේ විසඳුමක් වන ‘GrowMentor’ සඳහා ‘කෘෂිකර්ම සහ පශු සම්පත් සංවර්ධන’ කාණ්ඩයේ රන් සම්මානය පිරිනැමිණි. Cloud සහ edge ML පදනම් කරගෙන නිර්මාණයකරන ලද වාහන නැවැත්වීම කළමනාකරණ කිරීමේ විසඳුමක් වූ ‘Park n Pay’ ව්‍යාපෘතියට ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ජාල සහ සන්නිවේදන’ (ICT Networks & Communications) කාණ්ඩයේ රන් සම්මානය හිමි වූ අතර, AI සහ IoT පදනම් කරගත් කර්මාන්තශාලා යාන්ත්‍රිකකරණ විසඳුමක් වූ ‘SenseGrid’ ව්‍යාපෘතියට නිෂ්පාදන අංශයේ ‘විශිෂ්ටතම ලෙස කළමනාකරණය කරන ලද ව්‍යාපෘතිය’ කාණ්ඩයේ රිදී සම්මානය හිමි විය.

මීට අමතරව, ‘දූතයා’ ජංගම යෙදුමට විශිෂ්ටතම ලෙස කළමනාකරණය කරන ලද නවෝත්පාදන ව්‍යාපෘතිය කාණ්ඩයේ රිදී සම්මානය හිමි විය. දේශීය ඉල්ලීම් සහ නිදහස් පණිවිඩකරුවන් සම්බන්ධකරන ජංගම වෙළඳපොළක්වන මෙය නිර්මාණයකරන ලද්දේ SLT-MOBITEL හි නිෂ්පාදන සංවර්ධන හා කළමනාකරණ කණ්ඩායම විසිනි. එමෙන්ම SLT-MOBITEL හි ‘Global Business SBU’ කණ්ඩායම විසින් කළමනාකරණය කරනු ලබන සහ SLT තොරතුරු තාක්ෂණ කණ්ඩායම විසින් මෘදුකාංග නිර්මාණය කරනු ලබන, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යලයේ පූර්ණ සේවා ජංගම යෙදුම (Fully-fledged mobile application for the Sri Lankan Embassy in the UAE’) සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා විසඳුම්’ කාණ්ඩයේ විශිෂ්ටතම ලෙස කළමනාකරණය කරනු ලබන ව්‍යාපෘතිය සඳහාවන රිදී සම්මානය හිමි විය.

ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ කොළඹ ඒකකය මගින් ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. එහි මූලික අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර තුළ ව්‍යාපෘති කළමනාකරණය සම්බන්ධ විශිෂ්ටතම දක්ෂතා සහ දක්ෂයන් ඇගයීමට ලක්කිරීම ය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + 19 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව