SLT-MOBITEL, 2023 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මානවලින් පිදුම් ලබයි

Picture1

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක  SLT-MOBITEL, 2023 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී සම්මාන පහකින් පිදුම් ලැබීමට සමත් විය. තාක්ෂණය හා නවෝත්පාදනය ඔස්සේ සැබෑ පරිවර්තන උදෙසා පෙරමුණ ගැනීම වෙනුවෙන් SLT-MOBITEL වෙත මෙම සම්මාන හිමි විය. ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය හා සම්මාන උළෙල පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්විණි.

ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව යනු ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ මෙරට නිල නියෝජිත ආයතනයයි. මෙම ව්‍යාපෘති කළමනාකරණ ආයතනය ව්‍යාපෘති, වැඩසටහන් සහ ආයතනික කටයුතු කළමනාකරණ වෘත්තීන් සම්බන්ධ ලොව ප්‍රමුඛතම ආයතනය ලෙස සැලකේ.

රොබෝ තාක්ෂණය, කෘතිම බුද්ධිය, දුරකථන සන්නිවේදනය, අධ්‍යාපනය, පර්යේෂණ, කෘෂිකර්මය සහ පශු සම්පත් සංවර්ධනය වැනි විවිධ අංශ තුළ අත්කරගත් කැපී පෙනෙන ප්‍රගතිය වෙනුවෙන් SLT-MOBITEL වෙත මෙම සම්මාන හිමි විය.

Raccoon AI Solution’ වෙනුවෙන් මෙම සම්මාන උළෙලේ ‘Best Managed Project in Robotics and Artificial Intelligence කාණ්ඩයේ ජයග්‍රහණය හිමි කරගැනීමට SLT-MOBITEL හි The Embryo Innovation Center සමත් විය. මෙම නව්‍ය ව්‍යාපාර බුද්ධි තොරතුරු (Business Intelligence-BI) වේදිකාව Machine Learning සහ Predictive Analytics තාක්ෂණයන භාවිතා කරමින් සමාගම් හා ආයතනවලට සිය දත්ත විශ්ලේෂණය තුළින් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැදගත් තීරණවලට එළඹීම සඳහා අත්වැලක් සපයයි. විවිධ රටා සහ ප්‍රවණතා හඳුනාගනිමින් අනාගත ප්‍රවණතා සම්බන්ධ පුරෝකථන ඉදිරිපත් කිරීමේ හැකියාව එහි algorithms සතුවන අතර, එමගින් ව්‍යාපාරවලට දැනුවත්භාවයෙන් යුතුව  තීරණ ගනිමින් තම මෙහෙයුම් ප්‍රශස්ත කරගැනීමට හැකියාව ලැබේ.

එමෙන්ම ‘Omnichannel Experience for Customers and Customer Touch Points‘ නම් ව්‍යාපෘතිය වෙනුවෙන් SLT-MOBITEL වෙත මෙම සම්මාන උළෙලේ ‘Best Managed Project in Telecommunications Sectorකාණ්ඩයේ ජයග්‍රහණය හිමි විය. මෙය විවිධ සන්නිවේදන නාලිකා ඔස්සේ පාරිභෝගික සම්බන්ධතාවලට  නව අර්ථකථනයක් ලබාදීමට සමත් වූ ව්‍යාපෘතියකි.

සම්මාන උළෙලේ ‘Best Managed Project in Academic/Education and/or Research Sector’ කාණ්ඩයේ ජයග්‍රහණයද තමන් සතු කරගැනීමටද SLT-MOBITEL සමත් විය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව