SLT-MOBITEL, 2023 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී සම්මාන හතරකින් පිදුම් ලබයි

Image 01 (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, පසුගියදා පැවති 2023 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (National Business Excellence Awards – NBEA) සම්මාන හතරකින් පිදුම් ලැබීමට සමත් විය. මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ පෙන්නුම් කළ විශිෂ්ට ක්‍රියාකාරීත්වය වෙනුවෙන් Sri Lanka Telecom PLC (SLT) වෙත මෙම සම්මාන හිමි විය.

‘දේශීය වෙළඳපොළ ආවරණයේ විශිෂ්ටත්වය’ සහ ‘යටිතල පහසුකම් හා උපයෝගීතා සේවා’ යන කාණ්ඩයෙහි  දෙවැනි ස්ථාන සහ, ‘මහා පරිමාණ ව්‍යාපාර’ සහ ‘ආයතනික යහපාලනයේ විශිෂ්ටත්වය’ යන කාණ්ඩයෙහි  කුසලතා සම්මාන SLT-MOBITEL විසින් දිනාගන්නා ලදි.

SLT-MOBITEL හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා සහ සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී සංජීව සමරනායක මහතා ඇතුළු පිරිසක් SLT-MOBITEL නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

වාර්ෂිකව පැවැත්වෙන ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙල මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ජනප්‍රියම සම්මාන උළෙලකි. ජාතික වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී, ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය පෙන්නුම් කරන අතරම රටේ ආර්ථික වර්ධනයට කැපීපෙනෙන දායකත්වයක් දක්වන සමාගම් හා ආයතන ඇගයීමට ලක් වේ.

ඉහත සඳහන් කාණ්ඩ 4 තුළ පෙන්නුම් කරන ලද විශිෂ්ට කාර්යසාධනය වෙනුවෙන් SLT-MOBITEL වෙත මෙම සම්මාන හිමි විය. පුරෝගාමී වැඩසටහන් ක්‍රියාවට නංවමින් නවීනතම තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත්, පාරිභෝගික සේවාව විශිෂ්ට මට්ටමේ පවත්වා ගැනීමටත් SLT-MOBITEL සෑම විටම උත්සාහ දරන බවට මෙය මනා සාක්ෂියකි.

වර්තමානය වන විට SLT-MOBITEL පාරිභෝගික අපේක්ෂාවන් ඉටුකරමින්, නවෝත්පාදනයන් බිහිකරමින් සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට අඛණ්ඩව දායක වෙමින් මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව