SLT-MOBITEL 2022 UiPath Automation Excellence සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වේ

SLT Telecom logo (LBN)




 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2022 UiPath Automation Excellence සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ ස්වයංක්‍රීයකරණ විශිෂ්ටත්වය’ යන කාණ්ඩය යටතේ ජූරියේ ඇගයීමට ලක් විය. SLT-MOBITEL UiPath සම්මාන උළෙලකදී ඇගයීමට ලක් වූ දෙවැනි අවස්ථාව මෙයයි.

හතරවැනි වරටත් පැවති UiPath Automation Excellence සම්මාන උළෙල Economic Times සමග හවුල්කාරීත්වයෙන් යුතුව අතථ්‍ය (Virtual) ක්‍රමයට පවත්වන ලදි. ඉන්දියාවේ සහ දකුණු ආසියානු කලාපයේ පරිවර්තනීය ස්වයංක්‍රීයකරණ ව්‍යාපෘති ඔස්සේ මෙහෙයුම් විශිෂ්ටත්වය ළඟා කරගත් පුද්ගලයන් සහ ආයතන ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ විය.

UiPath RPA (Robotic Process Automation) මෙවලම භාවිතා කරමින් තම ව්‍යාපාර හා මෙහෙයුම් කටයුතුවල විවිධ අංශ ස්වයංක්‍රීයකරණය කිරීම සඳහා SLT-MOBITEL විසින් පසුගිය කාලය තුළ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන ලදි. ඒ අතරින් ණය පාලනය සහ ආදායම් තහවුරුකරණය යන අංශවලට අදාළව ක්‍රියාවට නංවන ලද ස්වයංක්‍රීයකරණ වැඩසටහන් මෙම වසරේ සම්මාන උළෙලේදී ඇගයීමට ලක්විය.

“අඛණ්ඩව දෙවැනි වරටත් UiPath වෙතින් මෙබඳු ඇගයීමක් හිමි වීම අපට මහත් සතුටක්. මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස සිදුකරමින් අපගේ පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය නව විසඳුම් නිර්මාණය කිරීමට අපගේ කණ්ඩායම කැප වී සිටිනවා. මෙම ඇගයීම එම කැපවීමට මෙන්ම, අඛණ්ඩව අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් විශිෂ්ටතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් හඳුන්වා දීමට අප දරන උත්සාහයන්ට ලැබුණු ඇගයීමක් ලෙස හැඳින්වීමට පුළුවන්.” SLT-MOBITEL සමූහ ප්‍රධාන නිලධාරී (තොරතුරු සහ ඩිජිටල්) තිලක් ගම්ලත් මහතා පැවසී ය.

2022 UiPath Automation Excellence සම්මාන උළෙලේදී හිමි වූ මෙම සම්මානය, SLT-MOBITEL මෙරට තොරතුරු හා සන්නිවේදන විසඳුම් ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම සිටින බව තහවුරු කරන සාධකයකි. ඉදිරියටත් තම ව්‍යාපාර කටයුතුවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කරමින් පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා මෙවැනි ස්වයංක්‍රීයකරණ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට SLT-MOBITEL බලාපොරොත්තු වෙයි.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව