SLT-MOBITEL 2021 වාර්ෂික වාර්තාවට SAFA සම්මාන

SAFA Image (LBN)

 



 

 

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ 2021 වාර්ෂික වාර්තාව වෙනුවෙන් දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ (SAFA) රන් සම්මානය හිමි විය. විශිෂ්ටත ම වාර්ෂික වාර්තා ඉදිරිපත්කිරීම, ඒකාබද්ධ වාර්තාකරණය සහ සාර්ක් සංවත්සරය වෙනුවෙන් මෙම සම්මාන උළෙල සංවිධාන කෙරේ.

නේපාලයේ කත්මන්ඩු නුවර පැවති එම සම්මාන උළෙලේදී ‘සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ කාණ්ඩය’ යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම්  සමූහයේ වාර්ෂික වාර්තාව මෙලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජාත්‍යන්තර බදුකරණය සහ ඩිජිටල් මුදල් පිළිබඳ පැවති SAFA සම්මන්ත්‍රණයට සමගාමීව මෙම සම්මාන උළෙල පැවැත්විණි.

SLT-:MOBITEL සමාගම වෙනුවෙන් එම සමාගමේ අලෙවි සේවා සාමන්‍යාධිකාරී අනුරුද්ධ සූරියාරච්චි සහ මුල්‍යයන ගිණුම්කරණ සහ බදුකරණ සාමන්‍යාධිකාරී ඉන්ද්‍රජිත් ප්‍රියන්ත යන මහත්වරු සම්මාන උළෙලට සහභාගී වූහ.

‘No Dream Too Big’ තේමාව යටතේ ඉදිරිපත්කරන ලද SLT-MOBITEL 2021 වාර්ෂික වාර්තාව, මෙරට ආර්ථිකය මෙන්ම සමාජය ද ඩිජිටල් පරිණාමයෙන් බලගන්වමින් තාක්ෂණික පරිණාමය ප්‍රවර්ධනය කිරීම සඳහා එම සමාගමේ දැක්ම සහ අපිරිමිත කැපවීම පිළිබිඹු කරයි.

SAFA සම්මානය, SLT-MOBITEL 2021 වාර්ෂික වාර්තාව සඳහා වසර පුරා හිමි වූ ඇගයුම් රැස අතරට එක් වූ තවත් කීර්තිමත් ඇගයුමකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව