SLT-MOBITEL ස්ථාවර දුරකථන වෙතින් මුළු පවුලටම අසීමිත ඇමතුම්

SLT Telecom logo (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මෙරට පවුල් සහ කුඩා පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ ස්ථාවර දුරකථන සේවා පැකේජයක් හඳුන්වා දී තිබේ. ‘SLT-MOBITEL Unlimited Voice’ ලෙස නම්කර ඇති මෙම පැකේජය මඟින්, ශ්‍රී ලංකාවේ අවම ස්ථාවර ගාස්තුවක් යටතේ ඕනෑම ස්ථාවර හෝ ජංගම දුරකථන ජාලයක් වෙත අසීමිතව ඇමතුම් ලබා ගැනීමට පහසුකම් සලසා දී තිබේ.

 


 

ස්ථාවර දුරකථන යනු අතිශය විශ්වාසනීය සන්නිවේදන මාධ්‍යයක් ලෙස සැලකෙන බැවින් තවමත් බොහෝ පිරිසක් තම සන්නිවේදන අවශ්‍යතා සඳහා ස්ථාවර දුරකථන සේවා භාවිතා කරති. මෙම අසීමිත ඇමතුම් පැකේජය හඳුන්වා දී ඇත්තේ එම පාරිභෝගිකයන් වෙනුවෙන්ම වන අතර, මෙමගින් ඔවුන්ට  ඉහළම ප්‍රමිතියකින් යුත් දුරකථන පහසුකම් අසීමිතව අත්විඳීමට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම පැකේජ ගෘහස්ථ මට්ටමේ පාරිභෝගිකයන්ටද අතිශයින් වාසිදායක වනු ඇත. ස්ථාවර දුරකථනයක් යනු පවුලේ සියලු දෙනා පොදුවේ භාවිතාකරන පහසුකමක් වන බැවින්, පවුලේ සැමට සහනදායී ගාස්තු යටතේ අසීමිතව ඇමතුම් ලබාගත හැකි ආකාරයට SLT-MOBITEL මෙම නව පැකේජය සැලසුම්කර තිබීම විශේෂිතය.

පසුගෙවුම් පැකේජයක් වශයෙන් හඳුන්වා දී ඇති SLT-MOBITEL Unlimited Voice පැකේජයේ මිල රු. 747 කි (බදු රහිතව). වෙළඳපොළේ පවතින අනෙකුත් විකල්ප මෙන් මෙය SLT-MOBITEL ජාලයට පමණක් සීමා නොවන අතර, පාරිභෝගිකයන්ට තමන් කැමති ජාලයකට අසීමිතව ඇමතුම් ලබා ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම මෙය පසුගෙවුම් පැකේජයක් වන බැවින්, කාලසීමාව අවසන් වීම හේතුවෙන් කාලය ඉකුත් වීමෙන් පසු තවදුරටත් ඇමතුම් ලබාගත නොහැකි වීම වැනි ගැටලුවලට මුහුණ දීමට පාරිභෝගිකයන්ට සිදු නොවේ.

මෙම පැකේජය අමතර පරිශීලක ගාස්තුවක් නොමැතිව, දැනට පාරිභෝගිකයා සතු දුරකථනයටම සහ දුරකථන අංකයටම ලබාගත හැකි වේ. කෙසේ නමුත් මේ සඳහා අවශ්‍යවන අමතර උපකරණ (CPE), පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා රු. 155.00 ක් වැනි සහනදායී අමතර ගාස්තුවක් යටතේ SLT-MOBITEL වෙතින් ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇත.

SLT-MOBITEL Unlimited Voice පැකේජය පිළිබඳ වැඩිදුර තොරතුරු 1212 දුරකථන අංකයෙන්, ළඟම පිහිටි SLT-MOBITEL ප්‍රාදේශීය කාර්යාලයෙන් හෝ www.sltmobitel.com

වෙබ් අඩවියෙන් ලබාගත හැකි වේ.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව