SLT-MOBITEL සහ The Creative Isle එක් වී ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ CAN Weekday Market ආරම්භ කරයි

Can Market1 (LBN)

 



 

 

නිර්මාණශීලී ක්ෂුද්‍ර ව්‍යවසායකත්වය දිරිගැන්වීමේ වැඩපිළිවෙළක්

 

2023 මාර්තු 01, කොළඹ: ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, The Creative Isle සමග එක් වී ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ CAN Weekday Market ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

One Gall Face පරිශ්‍රයේ පවත්වාගෙන යන සති අන්ත වෙළඳපොළ අතිශයින් ජනප්‍රිය වීමත් සමග, කොළඹ නගර මධ්‍යයේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ සතිපොළක් ආරම්භ කිරීමට The CAN Market තීරණය කළේ ය. මසකට දෙවරක් පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම වෙළඳපොළේ පොදු ඉලක්කය වන්නේ, කොළඹ නගරයේ රැකියාවන්හි නියුතු ජනතාව ආකර්ෂණය කරගැනීම ය.

පසුගියදා කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකින් අනතුරව නිල වශයෙන් CAN Weekday Market විවෘත කරන ලදී.

“මෙම හවුල්කාරීත්වය තුළදී අප අංශ කිහිපයක් පිළිබඳව අවධානය යොමුකරනවා. කුඩා පරිමාණ ව්‍යාපාරවලට වෙළඳපොළ වෙත පිවිසීමට අත්වැලක් වීම සහ එම ව්‍යාපාරවල ධාරිතාව පුළුල් කරමින්, ඔවුන්ගේ ඉදිරි ගමනට අවශ්‍ය තාක්ෂණය ලබාදීම ඒ අතරින් ප්‍රධානයි.” SLT සාමාන්‍යාධිකාරී (ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධන) සංජීව ජයමහ මහතා පැවසී ය.

“CAN Market වැඩසටහනට පසුගිය වසර දෙකක කාලය තුළ මෙරට කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකර තිබෙනවා. එය මෙම ව්‍යාපාරිකයන්ට තම නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට පමණක් නොව, වෙනත් ව්‍යාපාර සමග සම්බන්ධතා ගොඩනංවා ගැනීමටද අවස්ථාව සලසා දී තිබෙනු දැකීම සතුටට කරුණක්.” CAN Market වැඩසටහනේ නිර්මාතෘ කේෂිනී සුරවීර මහත්මිය පැවසුවා ය.

“CAN Market වැඩසටහන ලෝක වෙළඳ පරිශ්‍රය තුළ ආරම්භ වීම සතුටට කරුණක්. ලෝක වෙළඳ මධ්‍යස්ථානය යනු, එකම වහලක් යට ඇති ශ්‍රී ලංකාවේ දැවැන්තම B2B  ජාලයයි. මෙමගින් අපගේ පරිශ්‍රයේ අලෙවිසැල් හිමියන්ට මෙන්ම මෙහි පැමිණෙන පුද්ගලයන්ටත්, රටේ නිර්මාණශීලී ව්‍යවසායකයන්ට අත්වැලක් වීමට සුවිශේෂී අවස්ථාවක් ලැබෙනවා.” කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ හිමිකාරීත්වය, කළමනාකරණය සහ සංවර්ධන කටයුතු භාරව සිටින Overseas Realty Ceylon PLC සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ ප්‍රවීර් සමරසිංහ මහතා පැවසී ය.

මෙම වෙළඳපොළ වෙත පැමිණ, පුළුල් පරාසයක පැතිරුණු, තිරසාර හා දේශීය නිෂ්පාදන එකතුවක් දැකබලාගන්නා ලෙසත්, දිවයිනේ නන් දෙසින් පැමිණ සිටින එම නිර්මාණශීලී ව්‍යවසායකටන්ට අත්වැලක් වන ලෙසත්, The CAN Market වැඩසටහන, SLT-MOBITEL සහ ලෝක වෙළඳ මධ්‍යස්ථානය සමග එක්ව ආරාධනා කර සිටී.

සෑම මසකම පළමු සතියේ සහ අවසාන සතියේ බදාදා සිට සිකුරාදා දක්වා, පෙරවරු 9 සිට පස්වරු 6 වන තෙක්, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බිම් මහලේ ප්‍රධාන ඇතුළුවීමේ දොරටුව අසල, කොටස් වෙළඳපොළට විරුද්ධ දෙසින් පිහිටි ලොබි පරිශ්‍රයේ මෙම සතිපොළ පැවැත්වෙනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව