SLT-MOBITEL සහ Echo System Digital Ventures එක් වී Playstreet premium gaming පද්ධතිය දියත් කරයි

Image (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL පසුගියදා Echo System Digital Ventures සමාගම සමග අත්වැල් බැඳගෙන Playstreet නම් gaming පද්ධතිය මෙරටට හඳුන්වා දීමට කටයුතු කළේ ය. Echo System Digital Ventures යනු පූර්ණ වශයෙන් Digital Zyndicate Co. සමාගම සතු, එම සමාගමේ අරමුදල්වලින් ක්‍රියාත්මක වන සමාගමකි. Playstreet පද්ධතියට ඩිජිටල් ක්‍රීඩා 200 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වන අතර, එමගින් ශ්‍රී ලාංකිකයන්ට දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම ස්ථානයක සිට මෙම ක්‍රීඩාවල යෙදීමට අවස්ථාව හිමි වේ.
 



 
මේ සඳහා වන ගිවිසුමට SLT-MOBITEL ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා සහ Echo System Digital Ventures සමාගමේ අධ්‍යක්ෂ තරීන්ද්‍ර කල්පගේ මහතා විසින් අත්සන් තබන ලදී. මෙම අවස්ථාවට දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක්ද එක් වූහ.

මෙම හවුල්කාරීත්වය නිසා SLT-MOBITEL හි අතිශය පුළුල් ජාල යටිතල පහසුකම් භාවිතා කරමින් එහි පාරිභෝගිකයන් වෙත Playstreet හි gaming අත්දැකීම විශිෂ්ට අයුරින් තිළිණ කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. Action, Strategy, Puzzle සහ Sports ඇතුළුව විවිධ කාණ්ඩවලට අයත් ඩිජිටල් ක්‍රීඩා Playstreet පද්ධතියට ඇතුළත් වී තිබේ. මෙය විශේෂයෙන්ම වයස අවුරුදු 18 ත් 35 ත් අතර පසුවන ප්‍රවීණ ඩිජිටල් ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම හුදෙක් විවේක කාලවලදී විනෝදය තකා ක්‍රීඩාවේ යෙදෙන පුද්ගලයන්ටද සුවිශේෂී අත්දැකීමක් වනු ඇත. ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහුණතක් (interface) සහිතව නිර්මාණයකර තිබීම සහ සහනදායී ගාස්තු යටතේ ග්‍රාහකත්වය ලබාගත හැකි වීම නිසා ශ්‍රී ලාංකිකයන්ට මෙමගින් විවිධ ඩිජිටල් උපාංග ඔස්සේ සිත් සේ ඩිජිටල් ක්‍රීඩාවන්හි නිරත වීමට අවස්ථාව ලැබෙනු නිසැක ය.

ඉහත සඳහන් කළ ආකාරයට  ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහුණතක් (interface) සහිතව නිර්මාණය කර තිබීම සහ සහනදායී ග්‍රාහකත්ව ක්‍රම හඳුන්වා දී තිබීමට අමතරව මෙයට ඉතාමත් පහසු ගෙවීම් ක්‍රමද ඇතුළත් කර තිබේ. එමෙන්ම ක්‍රීඩා තුළදී ලබාගන්නා ජයග්‍රහණ අනුව ක්‍රීඩකයන්ට data rewards ලබාගැනීමටද අවස්ථාව සලසා දී ඇත. මේ ආකාරයට අවම වියදමකින් උපරිම ක්‍රීඩා අත්දැකීමක් හිමිකර ගැනීමට අවස්ථාව සලසා දීම ඔස්සේ, ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් වර්ධනය වන Gaming වෙළඳපොළට නව සහ ආකර්ෂණීය විනෝදාස්වාද අත්දැකීමක් තිළිණ කරමින් එම වෙළඳපොළේ ආකර්ෂණය දිනාගැනීම SLT-MOBITEL සහ Playstreet හි ඉලක්කය වී තිබේ.

මෙම හවුල්කාරීත්වය, ඩිජිටල් සේවා විවිධාංගීකරණය කරන අතරම පාරිභෝගිකයන්ට වටිනාකම් තිළිණ කිරීම සම්බන්ධයෙන් SLT-MOBITEL සතු දැක්මට සමගාමී පියවරක්ද වේ. මෙය සමස්ත ශ්‍රී ලාංකිකයන් සහ ව්‍යාපාර ඉලක්කකරගනිමින්  SLT-MOBITEL හි ඩිජිටල් සේවා සමූහයට අලුතින්ම එකතුකරන ලද සේවාවකි. මෙමගින් මෙරට ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ ව්‍යාපාරවලට, මෙම casual gaming පද්ධතිය හරහා ලැබෙන ප්‍රසාද ලකුණු භාවිතා කිරීමට කැමති ක්‍රීඩකයන් වෙනුවෙන් හඳුන්වා දෙන විශේෂ ප්‍රවර්ධන වැඩසටහන්ද සමගින් තම නිෂ්පාදන හා සේවා පිරිනැමීමට හැකියාව ලැබෙනු ඇත. සහනදායී මිලගණන් යටතේ අසීමිත gaming අත්දැකීමක් තිළිණ කරන මෙම සේවාව ග්‍රාහකත්ව පදනම යටතේ ලබාගැනීමට SLT-MOBITEL පාරිභෝගිකයන්ට දැන් අවස්ථාව හිමි වී තිබේ. 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව