SLT-MOBITEL සබඳතා අත්දැකීම eSIM සේවාව සමග ඉහළ නංවයි

SLT Telecom logo (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL  අති නවීන eSIM සේවාව මෙරට පාරිභෝගිකයන් වෙත ලබා දෙයි. SLT-MOBITELහි අසමසම 4G සම්බන්ධතාව සහ දීපව්‍යාප්ත ආවරණය හේතුවෙන් දිවයින පුරා විසිරී සිටින පාරිභෝගිකයන්ට සහ නව පාරිභෝගිකයන්ට මිනිත්තු කිහිපයක් තුළ SLT-MOBITEL සමග සම්බන්ධ වෙමින් මෙම සේවාව ලබාගත හැක.

 



 

SLT-MOBITEL හි අතිනවීන eSIM සේවාව මගින් මෙතෙක් පැවති භෞතික සිම් කාඩ්පතක අවශ්‍යතාවක් නොමැති අතර, නව පාරිභෝගිකයන්ට ඔවුන්ගේ දුරකතන සම්බන්ධතාව ඩිජිටල් ක්‍රමයට සක්‍රිය කරගැනීමේ හැකියාව ලැබේ. මෙය ඔවුන්ට විශාල පහසුවක් සැලසීමට අමතරව ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වන ඩිජිටල්කරණය හා තිරසාරත්වය උදෙසා වන උත්සාහයන් සඳහා සමගාමී පියවරක් ලෙසද හැඳින්විය හැක. මෙමගින් පාරිභෝගිකයන්ට තම නිවෙස්වලදී මෙන්ම ගමන් බිමන් අතරතුරදී SLT-MOBITEL හි විශිෂ්ට ජාලය මගින් පිරිනමන අසමසම අධිවේගී  data සම්බන්ධතා පහසුකම් අත්විඳීමට හැකියාව ලැබෙනු ඇත.

SLT-MOBITEL eSIM භාවිතා කිරීම මගින් ලැබෙන තවත් වාසියක් වන්නේ පාරිභෝගිකයන්ට එකිනෙකට වෙනස් සම්බන්ධතා අවශ්‍යතාවන් සඳහා භාවිතා කළ හැකි eSIM ප්‍රෝෆයිල කිහිපයක් පවත්වා ගැනීමට හැකි වීම ය. රාජකාරි කටයුතු, ගෙදරදොර භාවිතය සහ විදේශයකදී රෝමින් සේවාවන් භාවිතා කිරීම ඇතුළුව, තම එදිනෙදා ජීවිත තුළදී මතුවන විවිධාකාර වූ අවශ්‍යතාවන්ට අනුව තමන් කැමති ආකාරයේ සම්බන්ධතාවන් භාවිතා කිරීමට මෙමගින් පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත. එමෙන්ම මෙම නව සම්බන්ධතාවක් ලබාගත්නා පාරිභෝගිකයන්ට 15GB Anytime Data සහ ඕනෑම ජාලයකට මිනිත්තු 100ක ඇමතුම් කාලයක් නොමිලේ හිමි වේ. වේගවත් SLT-MOBITEL ජාලය සමග එක්වන සෑම පාරිභෝගිකයෙකු හටම මෙම දීමනාව හිමි වනු ඇත.

eSIM සේවාව ලබාගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන් ඒ සඳහා කළ යුතු වන්නේ www.mobitel.lk/esim වෙත පිවිසී, අදාළ තොරතුරු සමග අවශ්‍ය ලිපිලේඛන අප්ලෝඩ් කර, ගෙවීම් සිදුකිරීම සඳහා ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් තොරතුරු ලබාදීම පමණි. *#06# ඩයල් කිරීම මගින් තම දුරකථනවල eSIM සේවාව භාවිතා කිරීමේ පහසුකම් තිබේද යන්න දැනගත හැකි වේ. එම අංකය ඩයල් කළ විට Embedded Identity Document (EID) අංකයක් ලැබුණහොත්, එම දුරකථනයෙහි eSIM සේවාව භාවිතා කළ හැක. අන්තර්ජාලය හරහා සේවාව සඳහා ලියාපදිංචි වීමේදී පාරිභෝගිකයන්ට SLT-MOBITELහි 555 Any Data Combo Plan, Social Chill Plans සහ Aviator Plans වැනි සැලසුම් අතරින්, තම අවශ්‍යතාවන්ට ගැළපෙන සැලසුම තෝරාගැනීමට හැකියාව ලැබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව