SLT-MOBITEL ශ්‍රී ලංකාව තුළ පූර්ව-වාණිජ 5G අත්හදාබැලීම් කටයුතු තවදුරටත් පුළුල් කරයි

SLT-MOBITEL 5G (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL මෑතකදී මෙරට ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ERP සේවා සම්පාදකයෙකු වන Pristine Innovations (පුද්.) සමාගම සමඟ  හවුල්කාරීත්වයකට එළඹිණි. ශ්‍රී ලංකාව තුළ පූර්ව-වාණිජ 5G තාක්ෂණය පදනම් කරගත් Low Latency විසඳුම් නිර්මාණය කිරීම සඳහා නව පදනමක් හඳුන්වා දීම මෙහි අරමුණ විය.

මෙම හවුල්කාරීත්වය, පූර්ව-වාණිජ 5G තාක්ෂණයේ හැකියා සහ ප්‍රයෝජන පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට සහ එම තාක්ෂණය භාවිතා කරමින් නවෝත්පාදන සිදුකිරීමට අගනා වේදිකාවක් වනු ඇත. මෙමඟින් ව්‍යාපාර ක්ෂේත්‍රයට මෙන්ම සමස්තයක් ලෙස මුළු රටටම ප්‍රතිලාභ රාශියක් අත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙහි පළමු පියවර වශයෙන්, 5G තාක්ෂණයේ හැකියාවන්ට අමතරව NB-IOT සහ AI වැනි අති නවීන තාක්ෂණ භාවිතා කරමින් SLT-MOBITEL සහ Pristine කණ්ඩායම් විසින් දුරස්ථ පාලක මෝටර් රථයක් සහ FPV ඩ්‍රෝන යානාවක් නිර්මාණය කරන ලදි. මෙම නිර්මාණ දෙකෙහිම පාලනය සහ වීඩියෝ දර්ශන සම්බන්ධ සන්නිවේදන කටයුතු සිදුවන්නේ SLT-MOBITEL හි පූර්ව-වාණිජ 5G ජාලය උපයෝගී කරගනිමිනි.

අති නවීන තාක්ෂණයන් කඩිනමින් භාවිතයට ගනිමින් එම තාක්ෂණයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට රටට අවස්ථාව සලසා දීම සඳහා මෙන්ම ඩිජිටල් ජීවන රටාව ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ පාර්ශව සමඟ අත්වැල් බැඳගැනීම SLT-MOBITEL කලක පටන් සිදුකරමින් සිටී.

එමෙන්ම 5G සහ AI යනු නවීන ලෝකය සහ එහි ජීවන රටාව සඳහා අත්‍යවශ්‍ය තාක්ෂණ දෙකක් බව SLT-MOBITEL අවබෝධ කරගෙන සිටින අතර, මේ ආකාරයට විවිධ පාර්ශව සමඟ අත්වැල් බැඳගනිමින් එම තාක්ෂණ පදනම් කරගත් නවෝත්පාදන විසඳුම් නිර්මාණය කිරීම SLT-MOBITEL හි අරමුණ වී තිබේ.

මෙම විසඳුම් පූර්ව-වාණිජ 5G තාක්ෂණයේ උපරිම ප්‍රයෝජන ලබාගැනීමට අතිශයින් වැදගත් වනු ඇති අතර, එය මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණය වේගවත් කරමින් පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමට මහෝපකාරී වනු නිසැක ය.

5G යනු පෙරළිකාරී තාක්ෂණයක් බව ආරම්භයේදීම හඳුනාගත් SLT-MOBITEL, දකුණු ආසියානු කලාපය තුළ එම තාක්ෂණය අත්හදා බැලීම ආරම්භ කළ ප්‍රථම සමාගම බවට 2018 වසරේදී පත් විය. මෙහි එක් පියවරක් වශයෙන් SLT-MOBITEL ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල පූර්ව-වාණිජ 5G අත්හදා බැලීමේ කලාප ස්ථාපිත කළ අතර, එය ජනතාවට එම තාක්ෂණයේ මහිමය අත්විඳීමට ලැබුණු අගනා අවස්ථාවක් විය.

ඉදිරියේදී මෙම තාක්ෂණය වඩාත් පුළුල් ලෙස භාවිතා කිරීමට හැකිවන ආකාරයට තම යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා SLT-MOBITEL මේ වනවිට දැවැන්ත නවීකරණ හා පුළුල්කරණ ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාවට නංවා ඇත

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව