SLT-MOBITEL ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල චිත්‍රපට හා විනෝදාස්වාද OTT e-වේදිකාව වන ‘රූපහල’ සමග අත්වැල් බැඳගනී

Image - SLT-MOBITEL Roopa Hala (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල චිත්‍රපට හා විනෝදාස්වාද OTT e-වේදිකාව වන ‘රූපහල’ සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. ඕස්ට්‍රේලියාවේ Evoke Digital Group සතු ගෙවීම් කිරීම මත මෙහෙයවන Over-The-Top (OTT) යෙදවුමක් වන රූපහල ලංකාවේ  ජනප්‍රියතම සිංහල චිත්‍රපට සහ වැඩසටහන් වර්ග විශාල ප්‍රමාණයකින් සමන්විත වේ. මෙම හවුල්කාරීත්වය ප්‍රේක්ෂකයන් දේශීය විනෝදාස්වාද වැඩසටහන් නරඹන ආකාරය පූර්ණ වෙනසකට ලක් කරනු ඇති අතර, එමගින් ඔවුන්ට චිත්‍රපට, ටෙලිනාට්‍ය සහ විශේෂ පොඩ්කාස්ට් ඇතුළු වැඩසටහන් රාශියක් එකම සේවාවක් ඔස්සේ නැරඹීමට අවස්ථාව හිමි වනු ඇත. එමෙන්ම මෙය විශාල ප්‍රේක්ෂක ප්‍රජාවක් අතරට තම නිර්මාණ රැගෙන යාම සඳහා ශ්‍රී ලාංකික චිත්‍රපටකරුවන්ට, අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකවරුන්ට ලැබෙන මහඟු අවස්ථාවකි.
 



 

පැය 1,500 කට අධික කාලයක් ආවරණය කරන වැඩසටහන් වර්ග 400 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වන රූපහල සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ප්‍රජාවගේ විවිධාකාර වූ රුචිකත්වයන්ට හොඳින් ගැළපෙන පරිද්දෙනි. Mobitel පෙරගෙවුම් හා පසුගෙවුම් සම්බන්ධතා සහිත පාරිභෝගිකයන්ට මෙය 2025 ජූනි 22 දින දක්වා රු. 999 ක  (+ බදු) හඳුන්වා දීමේ ගාස්තුවක් යටතේ ලබාගත හැකි වේ. මෙය Mobitel පාරිභෝගිකයන්ට ඉහළම වටිනාකමක් සමගින් උපරිම විනෝදාස්වාදයක් අත්විඳීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත.

ප්‍රේක්ෂක අත්දැකීම වැඩිදියුණු කරන සුවිශේෂී අංග රැසක් රූපහලට ඇතුළත් වී තිබේ. ප්‍රේක්ෂකයන්ට ස්මාර්ට් දුරකථන, ටැබ්ලට් සහ ස්මාර්ට් රූපවාහිනී ඇතුළු උපකරණ කිහිපයක් ඔස්සේ එය නැරඹීමට හැකි නිසා ඔවුන්ට රිසි සේ තමන් ප්‍රිය කරන වැඩසටහන් නැරඹිය හැක. වඩාත් පුළුල් තිරයක වැඩසටහන් නැරඹීමට කැමති ප්‍රේක්ෂකයන් වෙනුවෙන් රූප හල මෑතකදී ස්මාර්ට් රූපවාහිනී යෙදුමක්ද හඳුන්වා දුන්නේය. මෙමගින් ප්‍රේක්ෂකයන්ට තම නිවසේදීම සිනමාත්මක අත්දැකීමක් විඳගැනීමට හැකියාව ලැබේ.

තම සේවාව තුළ විකාශය වන සියලුම වැඩසටහන්වල ආරක්ෂාව සඳහා රූපහල Digital Rights Management (DRM) ක්‍රමවේදය භාවිතා කරයි.  එමෙන්ම රූපහල සිය වැඩසටහන් ඒවාට අදාළ බලපත්‍ර ගිවිසුම් සහ කලාපීය නීතිවලට අනුකූල බව තහවුරු කරගැනීම සඳහා Geo-blocking ක්‍රමවේදය භාවිතා කිරීමද ප්‍රේක්ෂකයන්ට වැදගත් වනු ඇත. මීට අමතරව රූපහල වැඩසටහන් අතරතුර වෙළඳ දැන්වීම් විකාශය නොවන නිසා ප්‍රේක්ෂකයන්ට බාධාවකින් තොරව විශිෂ්ට විනෝදාස්වාද අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව හිමි වේ.

රූපහල නිසැකවම සිංහල විනෝදාස්වාද සම්ප්‍රදාය වෙනස් කරනු ඇත. රටවල් 65 ක ප්‍රේක්ෂකයන් වෙත සිංහල වැඩසටහන් සමීප කරවන රූපහල, ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් කොහේ සිටියද තම ප්‍රියතම වැඩසටහන් රස විඳීමට අවස්ථාව උදා කර දෙයි. ඒ අනුව මින් ඉදිරියට මෙරට මෙන්ම විදේශයන්හිද වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට බාධාවකින් තොරව විශිෂ්ට ඩිජිටල් විනෝදාස්වාදයක මහිමය අත්විඳීමට හැකි වනු නිසැකය.

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: www.sltmobitel.lk

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව