SLT-MOBITEL වෙතින් LKNOG සම්මන්ත්‍රණයට හා වැඩමුළු මාලාවට අනුග්‍රහය

LKNOG - Image

ජාතික තොරතුරු හා   සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL පසුගියදා  Lanka Network Operators Group (LKNOG) විසින් සංවිධානයකරන ලද සම්මන්ත්‍රණය හා වැඩමුළු මාලාව සඳහා රිදී අනුග්‍රාහක ලෙස කටයුතු කළේ ය. කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණු මෙම  වැඩසටහනට, කලාපයේ ජාලකරණ සේවා සම්පාදකයන් සහ වෘත්තිකයන් රැසක් සහභාගී වූහ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදනය හා දැනුම් හුවමාරුව දිරිගැන්වීම සඳහා දරන උත්සාහයේ එක් පියවරක් වශයෙන් SLT-MOBITEL විසින් මෙම වැඩසටහනට අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී. LKNOG සමග අත්වැල් බැඳගනිමින් ජාල මෙහෙයුම්කරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම වෘත්තිකයන් පිරිසක් එකම වැඩසටහනකට සම්බන්ධකරගැනීම සඳහා දායක වීමට SLT-MOBITEL සමාගමට හැකියාව ලැබිණි.
 



 

සම්මන්ත්‍රණය හා වැඩමුළුව සාර්ථකකරගැනීම සඳහා SLT-MOBITEL වෙතින් ලැබුණු අනුග්‍රාහකත්වය අතිශයින් වැදගත් වූ අතර, මෙය කලාපයේ ජාලකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම දෙනාට ප්‍රතිලාභ රැසක් අත්කර දුන් වැඩසටහනක් විය.

දින 5 ක් පුරා පැවති මෙම වැඩසටහනට විවිධ ඉදිරිපත්කිරීම් රැසකින් සමන්විත වූ එක්දින සම්මන්ත්‍රණයක් සහ ප්‍රධාන අංශ තුනක් යටතේ දින හතරක් පුරා පැවති වැඩමුළු මාලාවක් ඇතුළත් විය. මීට පෙර LKNOG විසින් සංවිධානයකරන ලද වැඩසටහන් මෙන්ම මෙවර වැඩසටහනටද ජාලකරණ ක්ෂේත්‍රය නියෝජනය කළ  විශාල පිරිසක් සහභාගී වූහ.

LKNOG යනු ලාභ නොලබන ප්‍රජා-මූලික සංවිධානයකි. එහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ ජාලකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ මෙහෙයුම් හා තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීම සඳහා එම ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට සහ සේවා සම්පාදකයන්ට අවස්ථාව සලසා දීම ය. එමෙන්ම මෙමගින් නව තාක්ෂණ සහ ක්‍රමවේද සම්බන්ධයෙන් මෙහෙයුම් වෘත්තිකයන් දැනුවත් කිරීමටද තාක්ෂණික හවුල්කරුවන්ට අවස්ථාව හිමි වේ.

මීට පෙරද මෙබඳු වැඩසටහන් සංවිධානයකර මනා පළපුරුද්දක් ඇති ජාලකරණ වෘත්තිකයන් කණ්ඩායමක් විසින් මෙවර වැඩසටහන සංවිධානයකරන ලදී. සාමාන්‍යයෙන් LKNOG වැඩසටහන්වලට විශාල පිරිසක් සහභාගීවන අතර, එම වැඩසටහන් මෙරට ජාලකරණ වෘත්තිකයන්ට තම තාක්ෂණික හා මෙහෙයුම් කුසලතා වැඩිදියුණුකරගැනීමට ලැබෙන අගනා අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව