SLT-MOBITEL වෙතින් සහනදායී ගාස්තු යටතේ ‘Booster 232’ සහ ‘Social Lite’

Booster and Social Lite (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, ‘Booster 232’ සහ ‘Social Lite’ වශයෙන් සහනදායී ගාස්තු යටතේ නවතම පැකේජ දෙකක් හඳුන්වා දී තිබේ. මෙරට දුරකථන සන්නිවේදන සේවා ක්ෂේත්‍රයේ තවත් පුරෝගාමී හඳුන්වාදීමක්වන මෙය, පාරිභෝගිකයන්ට රිසි සේ ඇමතුම් ලබාගැනීමට, සමාජ මාධ්‍ය භාවිතා කිරීමට සහ චැට් කිරීමට අවස්ථාව සලසා දෙයි.

Booster 232’ පැකේජය ඔස්සේ සමාජ මාධ්‍ය, ඇමතුම් සහ කෙටි පණිවිඩ සේවා මෙන්ම WhatsApp, Viber සහ IMO  වැනි ජනප්‍රිය මෘදුකාංග ත්‍රිත්වය  සීමාවකින් තොරව කැමති පරිදි භාවිත කිරීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසෙයි. එමෙන්ම 512 MB Data ප්‍රමාණයට අමතරව අතිරේක මිනිත්තු  250 ඇමතුම් සහ SMS  250 එකතුවක්ද හිමිවන අතර, දින 30 ක් සඳහා වලංගු මෙම පැකේජයෙහි මිල, බදු සහිතව රු. 232 ක් පමණි.

ඉතාමත් පහසුවෙන් සක්‍රීය කර භාවිතා කළ හැකි ‘Booster 232’  පැකේජය දැනට ලබාගත හැක්කේ පෙරගෙවුම් පාරිභෝගිකයන්ට පමණි. ඒ සඳහා #170# ඩයල්කර ‘Unlimited Social Media Plans’ තෝරාගෙන ඉන් පසු ‘Nonstop Instant Messaging’ සහ ‘Booster 232’ තෝරාගැනීම මගින් මෙම පැකේජය සක්‍රීය කරගත හැක. එමෙන්ම රු. 232 ක් රීලෝඩ් කිරීම මගින්ද මෙම පැකේජය ක්ෂණිකව සක්‍රීය කරගත හැකි වේ. මීට අමතරව SLT-MOBITEL Self-Care Apps භාවිතා කරන්නේ නම්, ‘Unlimited Social Media Plans’ තෝරාගෙන ඉන් පසු ‘Booster 232’ තෝරාගෙන මෙය සක්‍රීය කරගත හැකි අතර, අවශ්‍යතාවය මත කිහිපවරක්ම සක්‍රීය කරගැනීමේ පහසුව පවතී .

‘Social Lite’ යනු SLT-MOBITEL හඳුන්වා දුන් අනෙක්  සුවිශේෂී, ගෙවන මිලට උපරිම වටිනාකමක් ලබාදෙන පැකේජයයි. Facebook, Instagram, LinkedIn, Twitter, WhatsApp, Viber සහ IMO වැනි සමාජ මාධ්‍ය රිසි සේ භාවිතා කිරීමට අවස්ථාව සලසා දෙන මෙහි ගාස්තුව, බදු සහිතව රු. 215 කි. #170# ඩයල් කිරීම, අදාළ මුදල රීලෝඩ් කිරීම හෝ SLT-MOBITEL Self-Care Apps ඔස්සේ මෙය සක්‍රීය කරගත හැකි අතර, පැකේජය දින 30 ක් වලංගු ය. මෙයද අවශ්‍යතාවය මත කිහිපවරක්ම සක්‍රීය කරගැනීමේ පහසුව පවතී.

පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතා අනුව මෙම සහනදායී පැකේජ හඳුන්වා දීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ. මෙය පාරිභෝගිකයන්ට ඉතාමත් පහසුවෙන් දුරකථන හා සන්නිවේදන සේවා රාශියක් භාවිතා කිරීමට ලැබෙන අගනා අවස්ථාවක් වනු ඇත.

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: www.sltmobitel.lk

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව