SLT-MOBITEL වෙතින් මෙරට සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අත්වැලක් වන ‘Unleash Your Business Potential’ හඳුන්වා දෙයි

SME NATIONAL CAMPAIGN 2025 (1) (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL විසින් ‘Unleash Your Business Potential’ තේමා කරගනිමින් පුරෝගාමී ජාතික මට්ටමේ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භකර තිබේ. මෙම වැඩසටහන මගින් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල  (Small, and Medium Enterprises) දියුණුවට වැදගත්වන අති නවීන ක්ලවුඩ් (Cloud) සහ තාක්ෂණික  විසඳුම් පිරිනමමින් එම ව්‍යාපාර සවිබල ගැන්වීමට පියවර ගැනෙනු ඇත.

 



 
මෙම වැඩසටහන 2025 පෙබරවාරි 24 දින සිට 2025 මාර්තු 28 දින දක්වා රට පුරා පිහිටි SLT-MOBITEL Regional Enterprise Businesses ඒකක හරහා ක්‍රියාත්මක වනු ඇත. මෙය සීමා බිඳ දමමින් දියුණුවෙන් දියුණුව කරා ගමන් කිරීම සඳහා රට පුරා ව්‍යාපාර සවිබල ගැන්වීමට SLT-MOBITEL දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණයකරන වැඩසටහනකි. උසස් ඩිජිටල් විසඳුම් පහසුවෙන් හා සහනදායී මිලගණන් යටතේ ලබාගැනීමට අවස්ථාව සලසා දීම ඔස්සේ, ක්‍රමයෙන් ඩිජිටල්කරණයවන ලෝකයක් තුළ සාර්ථකත්වය ළඟා කරගැනීමට ව්‍යාපාරවලට අත්වැලක් වීම SLT-MOBITEL හි අරමුණ වී තිබේ.

වර්තමානයේ වේගයෙන් වෙනස්වන ව්‍යාපාරික හා ඩිජිටල් අවකාශ තුළ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නිරන්තරයෙන් විවිධාකාර වූ අභියෝගවලට මුහුණ දෙයි. මේ හේතුවෙන් එම ව්‍යාපාරවල පැවැත්ම හා වර්ධනයට තර්ජන එල්ල වේ. මෙම ව්‍යාපාරවල දත්ත හා තොරතුරු සාම්ප්‍රදායික ක්‍රමයට පවත්වා ගැනීමේදී දත්තවල විෂමතා ඇති වීමට මෙන්ම වැදගත් ව්‍යාපාරික තොරතුරු අස්ථානගත වීමටද ඉඩ ඇත. එමෙන්ම සාම්ප්‍රදායික ලෙස ව්‍යාපාර ස්ථාන තුළම පවත්වාගෙන යන පද්ධති හේතුවෙන් සමාගම්වලට අධික ලෙස නඩත්තු වියදම් දැරීමට සිදුවන අතර ඒවායෙහි ධාරිතාව වැඩි කිරීමේ හැකියාවද සීමා සහිතය. තවත් විශාල ගැටලුවක් වන්නේ සයිබර් ආරක්ෂාව ප්‍රමාණවත් නොවීමයි.  මෙමගින් ව්‍යාපාරවලට අන්තර්ජාලය ඔස්සේ දත්ත සොරකම් කිරීමට සහ පරිගණක පද්ධති අඩපණ කිරීම වැනි දෑ  වලටද  මුහුණ දීමට සිදුවන අතර ඒ ඔස්සේ ඇතැම් විට මූල්‍යමය අලාභ පවා සිදු වේ.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර යනු රටේ ආර්ථික වර්ධනයේ ජීවනාලියයි. එම ව්‍යාපාර රටේ දළ දේශීය නිෂ්පාදිතයට ඉහළ දායකත්වයක් ලබා දෙයි. ඩිජිටල්කරණයේ පරිවර්තනීය බලය අවබෝධ කරගෙන සිටින SLT-MOBITEL, මෙම ව්‍යාපාර කාණ්ඩයේ ඩිජිටල්කරණය උදෙසා කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකිරීමට සූදානමින් සිටී. නව්‍ය ඩිජිටල් විසඳුම් වඩාත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම තුළින් SLT-MOBITEL මෙම වැදගත් ව්‍යාපාර කාණ්ඩයට තම ව්‍යාපාරික මෙහෙයුම් නවීකරණය කරගැනීමට, ඵලදායීතාව ඉහළ නංවාගැනීමට සහ දේශීය ආර්ථිකයේ වර්ධනයේ ප්‍රධාන ගාමක බලවේගයක් ලෙස තම භූමිකාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට අත්වැලක් වනු ඇත.

මෙම අභියෝග වටහාගනිමින්, ඒවාට සාර්ථක ලෙස මුහුණ දීමට පමණක් නොව තම ඩිජිටල් පරිවර්තනය වේගවත් කරගැනීමට මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට සෘජුවම අත්වැලක් වීම සඳහා SLT-MOBITEL විසින් පුරෝගාමී විසඳුම් පෙළක් හඳුන්වා දී ඇත. අතිනවීන ක්ලවුඩ් (Cloud) තාක්ෂණයන්, සයිබර් (Cyber) ආරක්ෂක විසඳුම් සහ ව්‍යාපාරික යෙදුම් ඇතුළත් මෙම විසඳුම් මාලාව, වත්මන් ඩිජිටල් යුගය තුළ මෙරට ව්‍යාපාර හොඳින් සවිබල ගන්වනු නිසැක ය.

CloudFusion powered by Huawei, CloudPulse සහ Secure Storage වැනි විසඳුම් එකතුවක් මෙම විසඳුම් මාලාවට ඇතුළත් වී තිබේ. CloudFusion powered by Huawei මගින් මෙරට කුඩා පරිමාණ ව්‍යාපාරවලට තමන් මෙම සේවාව භාවිතා කරන ආකාරය අනුව ගෙවීම් කිරීමේ හැකියාව සමගින් තත්ත්වයෙන් උසස්  ක්ලවුඩ් (Cloud) තාක්ෂණික යටිතල පහසුකම් භාවිතා කිරීමේ අවස්ථාව හිමි ලබා දෙයි.  මේ නිසා තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් සඳහා විශාල ආයෝජන සිදුකිරීම අවශ්‍ය නොවන අතර, ධාරිතාව වැඩි කරගැනීමේ හැකියාව සහ ව්‍යාපාර අඛණ්ඩතාවද සහතික වේ.

දුරස්ථව රාජකාරි කිරීම සම්බන්ධ අභියෝගවලට මුහුණ දෙන ව්‍යාපාරවලට SLT-MOBITEL හි WorkFlow X powered by Zoho  භාවිතා කිරීම මගින් වඩාත් කාර්යක්ෂම ලෙස සාමූහික රාජකාරි කටයුතු සහ සන්නිවේදන අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි වනු ඇත. පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය, අලෙවිකරණය, මූල්‍ය සහ ව්‍යාපාර කටයුතුවලට අදාළ තවත් මූලිකාංග රැසක් එකම සේවාවක් හරහා ලබාදෙන WorkFLow X පද්ධතිය ව්‍යාපාර මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව පවත්වා ගැනීමට උපකාරී වෙයි. එය දුරස්ථව රාජකාරි කිරීම සම්බන්ධ අභියෝග ජයගැනීමටත් යෙදුම් කිහිපයක් භාවිතා කිරීමේදී පැනනගින සංකීර්ණතා මගහරවා ගැනීමටත් උපකාරී වන අතර, ඒ ඔස්සේ කුමන ස්ථානයක සිටියද ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දෙයි.

CloudPulse යනු කුඩා පරිමාණ ව්‍යාපාර වෙනුවෙන්ම සැලසුම් කළ, සරල කරන ලද ක්ලවුඩ් සේවා එකතුවකි. ස්වයංක්‍රීය backup පහසුකම සමග සුරක්ෂිත ලෙස දුරස්ථව පිවිසිය හැකි මෙය, සීමාසහිත තොරතුරු තාක්ෂණික දැනුමක් සහිත සමාගම්වලටද ඩිජිටල්කරණය වීම පහසු කරයි.

අතිශය කාර්යක්ෂම ආරක්ෂක විසඳුම් කිහිපයක්ද මෙම ප්‍රවර්ධන වැඩසටහනට  ඇතුළත්ය. ඒ අතරින් ස්වයංක්‍රීය backups සමගින් encrypted data storage පහසුකම් පිරිනමන SLT Secure Storage සේවාව, කුඩා පරිමාණ ව්‍යාපාරවල දත්ත අහිමි වීම අවම කරන අතරම අත්‍යවශ්‍ය තොරතුරු සුරක්ෂිත ලෙස ලබාගනිමින් අඛණ්ඩව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට උපකාරී වෙයි.

මේ වනවිට බහුලව වාර්තා වෙමින් පවතින සයිබර් ආක්‍රමණ අවදානම, විශේෂයෙන්ම ශක්තිමත් ආරක්ෂක විධිවිධාන නොමැති කුඩා පරිමාණ ව්‍යාපාරවලට බෙහෙවින් බලපාන ගැටලුවකි. මෙම සේවා යටතේ පිරිනමන EdgeDefend Firewall සේවා මෙම තර්ජන ක්ෂණිකව හඳුනාගෙන ඒවා වළක්වාලන අතර එමගින් තොරතුරු තාක්ෂණ කණ්ඩායම් නොමැති ව්‍යාපාරවලටද ආයතනික මට්ටමේ ආරක්ෂාවක් හිමි වේ.

මීට අමතරව CyberSight මගින් පරිපූර්ණ පද්ධති විශ්ලේෂණයක් හරහා ආරක්ෂාවේ පවතින දුර්වලතා ඉක්මනින් හඳුනාගනු ලබයි. එමගින් අවදානමක් මතුවීමට පෙර තම ආරක්ෂාව තරකර ගැනීමට ව්‍යාපාරවලට අවස්ථාව හිමි වේ. මෙය සහනදායී ගාස්තු යටතේ ආයතනික මට්ටමේ ආරක්ෂාවක් සපයමින්, ව්‍යාපාර මෙහෙයුම් මෙන්ම පාරිභෝගික විශ්වාසයද සුරකින විසඳුමකි.

මෙම දීපව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල විශ්වාසවන්ත හවුල්කරුවෙකු බවට පත්වෙමින්, මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සියල්ල එකම ස්ථානයකින් පිරිනමන සේවා සම්පාදකයෙකු ලෙස තමන් සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු කරගැනීමට SLT-MOBITEL බලාපොරොත්තු වෙයි. නූතන යුගයේ විවිධාකාර වූ අවශ්‍යතාවන්ට ගැළපෙන දූරදර්ශී විසඳුම් සැපයීම සඳහා සමාගම දක්වන නොසැලෙන කැපවීම මෙමගින් මැනැවින් පිළිබිඹු වේ.

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වශයෙන් SLT-MOBITEL මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඩිජිටල් නවෝත්පාදනය සහ ඩිජිටල් පරිවර්තනය උදෙසා පෙරමුණ ගැනීමට කැප වී සිටී. සමාගම හඳුන්වා දී ඇති පරිපූර්ණ විසඳුම් මාලාව, මෙරට ව්‍යාපාර මුහුණ දෙන අභියෝග පිළිබඳව ගැඹුරු අවබෝධයක් මෙන්ම ඩිජිටල් වශයෙන් සවිබල ගැන්වුණු ව්‍යාපාරික ප්‍රජාවක් නිර්මාණය කිරීම ඉලක්ක කරගත් දැක්මක් පිළිබිඹු කරයි. නවීනතම තාක්ෂණය හා පාරිභෝගික සහය සේවා වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීම ඔස්සේ, මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ වර්ධනයෙහි මෙන්ම ඩිජිටල් ආර්ථිකයෙහි සාර්ථකත්වයෙහි ජීවනාලිය බවට පත්වීම SLT-MOBITEL හි අරමුණ වී තිබේ.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ව්‍යාපාරවලට 070-5004000 WhatsApp අංකය, www.slt.lk/business  වෙබ් අඩවිය හෝ 011-2389389 දුරකථන අංකය ඔස්සේ මෙම අති නවීන ඩිජිටල් විසඳුම් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැක.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව