SLT-MOBITEL වෙතින් මහනුවර මහ රෝහලට දැඩි සත්කාර ඒකක ඇඳන් පිරිනමයි

Picture1

 




 

 

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මහනුවර මහ රෝහලට සියලු පහසුකම් වලින් සමන්විත දැඩි සත්කාර ඒකක ඇඳන් පරිත්‍යාගයක් සිදුකිරීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 රෝග ව්‍යාප්තියට එරෙහිව ශ්‍රී ලංකාවට ගෙන යන සටනට නැවත වරක් දායක වීමක් ලෙස මෙම පරිත්‍යාගය සිදු කෙරිණ.                                                                                                                  මහනුවර, ‘කැන්ඩි සිටි සෙන්ටර්’ ආයතනයේ කළමනාකාරීත්වය සමග එක්වී මෙම පරිත්‍යාගය සිදුකරන ලද අතර, දැඩි සත්කාර ඒකක ඇඳන් වලට අමතරව, රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය සේවකයන්ට අත්‍යවශ්‍ය වන ආරක්ෂක උපාංග කට්ටල සහ නවීනතම තාක්ෂණයෙන් යුත් වෛද්‍ය උපකරණ එකතුවක්ද මහනුවර මහ රෝහල වෙත පරිත්‍යාග කරන ලදි.

මීට පෙරද SLT-MOBITEL රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා ආයතන වෙත නොයෙකුත් පරිත්‍යාගයන් සිදුකර ඇත. ඉදිරියටත්, සෞඛ්‍ය සේවයේ නියුතු වෘත්තිකයන්ට තම රාජකාරි කටයුතු වඩාත් පහසුවෙන් ඉටුකිරීමට අත්වැලක් වීම සඳහා, ඔවුන්ට ඉහළම තලයේ ඩිජිටල් සම්බන්ධතා විසඳුම් පිරිනැමීමට SLT-MOBITEL බලාපොරොත්තු වේ.

මීට අමතරව, මෙවර වෙසක් උත්සවයට සමගාමීව, COVID-19 රෝග ව්‍යාප්තිය නිසා නොයෙක් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ජනතාවට සහන සැලසීම සඳහා ‘දාන පාරමිතා’ නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමටද SLT-MOBITEL කටයුතු කළේ ය. ‘YES’ ලෙස ටයිප් කර 255 අංකයට SMS පණිවිඩයක් එවීම මගින් SLT-MOBITEL පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ට මෙම සත්කාරය සඳහා දායක විය හැකි වේ. මෙම සෑම SMS පණිවිඩයක් සඳහාම රු. 50 ක මුදලක් අය කෙරෙන අතර, එලෙස එකතු වන මුදල් වලට සමාන මුදලක් පරිත්‍යාග කරමින් එම අරමුදල දෙගුණ කිරීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත. මෙලෙස එක්රැස් වන මුදල්, විපතට පත්වී සිටින ජනතාව වෙත වියළි ආහාර, සෞඛ්‍ය උපකරණ සහ වෙනත් සහන මලු බෙදාදීම සඳහා භාවිතා කෙරේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව