SLT-MOBITEL වෙතින් කෑගල්ල මහ රෝහල වෙතද HDU ඇඳන් පරිත්‍යාගයක්

Picture1 (1) (1)

 




 

 

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 මර්දනය කිරීමේ ජාතික සටනට උරදීමේ තවත් පියවරක් වශයෙන්, කෑගල්ල මහ රෝහලට HDU ඇඳන් පරිත්‍යාගයක් සිදුකිරීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනීමට නියමිත මෙම ඇඳන් කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය වයි. එම්. එම්. ප්‍රියංගනී මහත්මිය වෙත භාරදෙන ලදි. දැඩි සත්කාර අවශ්‍ය වන COVID-19 රෝගීන් සඳහා වෙන්කර ඇති, කෑගල්ල මහ රෝහලේ 13 වන වාට්ටුවට මෙම ඇඳන් ලබාදෙන බව අධ්‍යක්ෂ තුමිය පැවසුවා ය.

SLT-MOBITEL ක්‍රියාවට නංවා ඇති ‘සබැඳියාවේ සත්කාරය’ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ මෙම පරිත්‍යාගය සිදුකර තිබේ. මීට අමතරව ‘දාන පාරමිතා’ වැඩසටහනට සමස්ත ශ්‍රී ලංකාවාසීන් වෙතින් ලැබුණු දායකත්වය වෙනුවෙන්ද SLT-MOBITEL සිය කෘතඥතාව පළකර සිටී. ‘දාන පාරමිතා’ වැඩසටහන ක්‍රියාත්මක කරන ලද්දේ, COVID-19 රෝග ව්‍යාප්තිය නිසා බලපෑමට ලක්වූ පවුල් වල සහන සැලසීම සඳහා මහජනතාවගේ දායකත්වය ලබාගැනීමේ පදනමක් වශයෙනි.

SLT-MOBITEL නිලධාරීන් විසින් කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය වයි. එම්. එම්. ප්‍රියංගනී මහත්මිය වෙත HDU ඇඳන් භාරදෙන ලදි.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව