SLT-MOBITEL වෙතින් අවුරුදු සමයේ ‘වාසි පිට වාසි’

SLT Telecom logo (LBN)




 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ‘රීලෝඩ් වාසි පිට වාසි’ දීමනා එකතුවක් හඳුන්වා දී තිබේ. මේ යටතේ SLT-MOBITEL Mobile පෙරගෙවුම් පාරිභෝගිකයන් 300 දෙනෙකුට අප්‍රේල් මාසය තුළදී රු. මිලියන 3 ක් දක්වා මුදල් ත්‍යාග දිනාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
අප්‍රේල් මාසය යනු සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන්ට වියදම් අධික මාසයක් නිසා, මේ ආකාරයට දෛනිකව මුදල් ත්‍යාග හිමි වීම ඔවුන්ට ඉමහත් සහනයක් වනු නො-අනුමාන ය. 2023 අප්‍රේල් 01 සිට 2023 අප්‍රේල් 30 දක්වා තම SLT-MOBITEL Mobile පෙරගෙවුම් සම්බන්ධතාවන්ට රු. 100 ක් හෝ ඊට වැඩි මුදලක් රීලෝඩ් කිරීම මගින් පාරිභෝගිකයන්ට මෙම දිනුම් ඇදීමට ඇතුළත් විය හැකි අතර, දිනපතා වාසනාවන්ත ජයග්‍රාහකයන් 10 දෙනෙකුට රු. 10,000 බැගින් හිමි වනු ඇත.


රීලෝඩ් කරන සෑම රුපියල් 100 ක මුදලක් සඳහාම පාරිභෝගිකයන්ට එක් දිනුම් අවස්ථාවක් බැගින් හිමි වේ. එම නිසා, රීලෝඩ් වටිනාකම වැඩි වන තරමට ඔවුන්ට ලැබෙන දිනුම් අවස්ථා ගණන වැඩි වනු ඇත.
#151# ඩයල් කිරීම මගින් පාරිභෝගිකයන්ට ඕනෑම මොහොතක තම දිනුම් අවස්ථා පරීක්ෂා කළ හැකි වේ. ජයග්‍රාහකයන් අහඹු ලෙස තෝරාගනු ලබන අතර, SLT-MOBITEL විසින් ජයග්‍රාහකයන් අමතා ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගෙන, ජයග්‍රහණ පිළිබඳ තොරතුරු ඔවුන් වෙත දැනුම් දෙනු ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු https://www.mobitel.lk/reload-wasi හි දක්වා තිබේ.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව