SLT-MOBITEL, මේරියන්ස් සමඟ එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රථම 3D සංගීත වීඩියෝව,‘තරුණයි තාම’ එළිදක්වයි

Image (1) (LBN)

 



 

 

මීට සමගාමීව, ශ්‍රී ලංකාවේ ප්‍රථම Online සංගීත  වේදිකාව වන ‘mStudio’ ද දියත් කෙරේ

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා මේරියන්ස් සංගීත කණ්ඩායම සහ 360 Productions Group (පුද්.) සමාගම සමඟ එක් වී ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ (3D) සංගීත රූප රචනය එළිදැක්වී ය. මේරියන්ස් සංගීත කණ්ඩායමේ 35 වන සංවත්සරය නිමිත්තෙන් නිර්මාණය කළ ‘තරුණයි තාම’ ගීතය වෙනුවෙන් සිදුකළ මෙම රූප රචනය සඳහා නවීනතම 3D තාක්ෂණයන් භාවිතා කර තිබේ. මෙම ගීතය එළිදැක්වීමට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රථම මාර්ගගත සංගීත වේදිකාව වන ‘mStudio’ සහ SLT-MOBITEL හි ප්‍රථම 3D වෙළඳ දැන්වීම දොරට වැඩීමද සිදු විය.

‘‘තරුණයි තාම’ ගීතයේ රූප රචනය, නවීන 3D තාක්ෂණයේ සහ දෘශ්‍ය ප්‍රයෝගයන්හි සම්මිශ්‍රණයක් ලෙස හැඳින්විය හැක. මාස 3 කට අසන්න කාලයක් වැය කරමින් සිදුකෙරුණු මෙම නිර්මාණය, මෙරට සංගීත ක්ෂේත්‍රයේ මෙන්ම සමස්තයක් ලෙස 3D කලාවේ පෙරළිකාරී නිර්මාණයක් වනු ඇත.

නවීන 3D stereoscopic තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති ‘තරුණයි තාම’ රූප රචනය, සුපැහැදිලි 4K දර්ශන සමගින් නරඹන්නන්ට ආකර්ෂණීය අත්දැකීම් පෙළක් පිරිනමයි. එය නාද සහ රූප සුසංයෝගය ඔස්සේ සංගීත ලෝලීන් පෙර නොවූවිරූ අත්දැකීමක් ලබා දෙනු ලබයි.

‘තරුණයි තාම’ රූප රචනය, ශ්‍රී ලාංකික නිර්මාණශීලීත්වයේ සාඩම්බර ජයග්‍රහණයකි. එය දෘශ්‍ය කලාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් සතු හැකියාවන්ට සාක්ෂි දරන අතරම, සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවා යමින් නවෝත්පාදනය ඔස්සේ ඉදිරි පියවර තැබීමට කලාකරුවන් පොළඹවන ආදර්ශයක්ද වනු ඇත.

ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ මෙම නව රසාලිප්ත අත්දැකීම ඔබත් අත්විඳින්න. වැඩිදුර තොරතුරු සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + 17 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව