ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL පසුගියදා EGUARDIAN පුද්. සමාගම සමග ක්‍රමෝපායික ප්‍රතිවිකුණුම් ගිවිසුමකට අත්සන් තැබීය. ඒ Zoho මගින් හඳුන්වා දී ඇති පරිපූර්ණ ඵලදායීතා සහ ව්‍යාපාර කළමනාකරණ මෙවලම් එකතුව පරිහරණය කිරීමට මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අවස්ථාව සලසා දීමේ අරමුණිනි. මෙම හවුල්කාරීත්වය, මෙම කලාපය තුළ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කැපීපෙනෙන ලෙස දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
SLT-MOBITEL ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා සහ EGUARDIAN පුද්. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෆාස් ෆරීඩ් මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී. දෙපාර්ශ්වය නියෝජනයකරන තවත් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ. මෙම ගිවිසුම හේතුවෙන් මෙරට ව්‍යාපාරවලට තම මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සහ පාරිභෝගික සම්බන්ධතා වැඩිදියුණු කිරීම සඳහා Zoho Financial Suite, Zoho Workplace සහ Zoho Marketing Plus ඇතුළුව ක්ලවුඩ් තාක්ෂණය පදනම් කරගත් Zoho යෙදුම් එකතුව භාවිතා කිරීමට අවස්ථාව හිමි වනු ඇත.
SLT-MOBITEL මෙබඳු උසස් ඩිජිටල් විසඳුම් වෙනුවෙන් ගිවිසුම්වලට එළඹීම මගින් පෙනී යන්නේ, ශ්‍රී ලාංකික ව්‍යාපාර වෙත සපයනු ලබන සේවාහි ගුණාත්මකභාවය අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා සමාගම දක්වන උනන්දුව හා කැපවීමයි. මෙම හවුල්කාරීත්වය යටතේ දේශීය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සැලසුම් කළ විසඳුම් හඳුන්වා දෙමින්, රටේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් තරගකාරී ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම SLT-MOBITEL හි ඉලක්කය වී ඇත. මෙය ක්‍රමයෙන් ඩිජිටල්කරණයවන ලෝකයක් තුළ අඛණ්ඩව දියුණුව කරා ගමන් කිරීමට ව්‍යාපාරවලට අත්වැලක් වීම සඳහා ගත් සුවිශේෂී පියවරක් ලෙසද හැඳින්විය හැකිය.