SLT-MOBITEL මෙරට ප්‍රථම වරට ඡායාරූප අලෙවිකිරීම හා මිලදීගැනීම සඳහා විශේෂ වෙබ් අඩවියක් හදුන්වා දෙයි

Image 01 (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අන්තර්ජාලය මගින් ඡායාරූප අලෙවිකිරීම හා මිලදී ගැනීම සඳහා විශේෂ වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල ව්‍යුහය තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස SLT-MOBITEL මෙම ‘www.picsforest.com’ වෙබ් අඩවිය ආරම්භකර ඇත.

ඡායාරූප අලෙවි කිරීමේ  සහ මිලදී ගැනීමේ පහසුකම් සහිත විදෙස් වෙබ් අඩවි රැසක් පැවතියද දේශීය පරිශීලකයන් ඒවා භාවිතා කිරීමේදී විවිධ ගැටලු පැනනගී. මෙම වෙබ් අඩවි තුළ තම දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ආදායමක් ලබා ගැනීමට අවස්ථාව හිමිවන්නේ සීමිත පිරිසකට පමණි. එමෙන්ම දේශීය ඡායාරූප මූලාශ්‍රයක් නොමැති වීම නිසා දේශීය අවශ්‍යතා සඳහා විදේශීය ඡායාරූප භාවිතා කිරීමට සිදු වී ඇති අතර, එම ඡායාරූප මිලෙන් අධික වීමේ ගැටලුවද පවතී.

SLT-MOBITEL, ‘www.picsforest.com’ වෙබ් අඩවිය හඳුන්වා දෙන ලද්දේ මෙම ගැටලුවලට විසඳුමක් වශයෙනි. මෙය ඡායාරූප අලෙවිකිරීමට සහ මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන ප්‍රථම ශ්‍රී ලාංකික විද්‍යුත්-වාණිජ වෙබ් අඩවියයි. කෙසේ නමුත් මෙය දේශීය ඡායාරූප ශිල්පීන්ට පමණක් සීමා නොවන අතර, විදේශිකයන්ටද තම ඡායාරූප මෙම වෙබ් අඩවිය තුළ පළකළ හැක. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව, ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි අයුරින් මෙය සැලසුම් කර තිබේ.

මෙම වෙබ් අඩවිය ඡායාරූප ශිල්පීන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීම මෙන්ම, ගැනුම්කරුවන්ට ශ්‍රී ලාංකික සහ දකුණු ඉන්දියානු කලාපීය ලක්ෂණ සහිත ඡායාරූප පහසුවෙන් මිලදී ගැනීමට ලැබෙන අගනා අවස්ථාවක් වනු ඇත. නොමිලේ භාවිතා කළ හැකි ඡායාරූප සහ අලෙවිය සඳහා ඉදිරිපත් කළ ඡායාරූප මෙහි ප්‍රදර්ශනය කෙරේ.  තවද මෙමගින් ඡායාරූප ශිල්පීන්ගේ අවශ්‍යතාව අනුව වැඩි ගැනුම්කරුවන් පිරිසක් වෙත ආමන්ත්‍රණය කිරීම සඳහා තම ඡායාරූපවලට විශේෂ ප්‍රචාරයක්ද ලබාදිය හැක.

පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ඡායාරූප මිලදීගැනීම සම්බන්ධයෙන් නිර්දේශ කිරීම් සිදු කරන විකිණුම්කරුවන්ටද මෙම වෙබ් අඩවිය හරහා ආදායමක් උපයා ගැනීමට අවස්ථාව හිමි වේ.

මීට අමතරව, ඡායාරූප ශිල්පීන්, නිර්මාණකරුවන්, විවිධ ඉදිරිපත් කිරීම් සිදුකරන්නන් සහ ඡායාරූප එකතු කරන්නන් වැනි විවිධ කාණ්ඩවලට අයත් පුද්ගලයන්ගේ අවශ්‍යතා සපුරාලීමේ හැකියාව මෙම වෙබ් අඩවිය සතු වේ..

මිනිසුන්, සතුන්, විනෝදාංශ, ආහාරපාන, ස්වභාවධර්මය, භූමි දර්ශන සහ ගෘහ නිර්මාණ ශිල්පය ඇතුළු කාණ්ඩ 27 ක් යටතේ මෙම වෙබ් අඩවිය තුළ ඡායාරූප ප්‍රදර්ශනය කෙරේ.

මෙම කාණ්ඩ යටතේ ඡායාරූප සහ චිත්‍ර නිර්මාණ ආදී වශයෙන් නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙන අතර, ඉදිරියේදී ත්‍රිමාණ ඡායාරූප සහ Vector Illustrations ද ඇතුළත් කිරීමට සැලසුම් කර ඇත.

මීට අමතරව,  ජාත්‍යන්තර ඡායාරූප වෙබ් අඩවි සමඟ සැසදීමේදී ඊට වැඩි ආකර්ෂණීය මට්ටමකින් මෙය පවත්වාගෙන යාම සඳහා, වඩාත්ම ජනප්‍රිය ඡායාරූප, වැඩියෙන්ම බාගත කරගන්නා ලද ඡායාරූප, ඉහළම පිළිගැනීමක් සහිත ඡායාරූප ශිල්පීන් සහ ‘Gossip Pack’ ආදී වශයෙන් විවිධ කාණ්ඩ යටතේ ඉදිරියේදී විශේෂ ප්‍රවර්ධන ක්‍රම හඳුන්වා දීමටද කටයුතු යොදා තිබේ.

මීට පෙර ඇමරිකානු ඩොලර් භාවිතයෙන් ජාත්‍යන්තර වෙබ් අඩවිවලින් ඡායාරූප මිලදීගත් පුද්ගලයන්ට මෙමගින් ශ්‍රී ලංකා රුපියල් භාවිතයෙන් ඡායාරූප මිලදී ගැනීමට හැකි වේ. මෙහිදී විනිමය පරිවර්තනයක් සිදු කිරීම අවශ්‍ය නොවන නිසා ගනුදෙනු ක්‍රියාවලිය සරලවන අතර, එය ශ්‍රී ලාංකික ගැනුම්කරුවන්ට වැඩි පහසුවක් ගෙනෙනු ඇත.

රු. 1,000/= වැනි සුළු මුදලක සිට ඉහළට මෙම වෙබ් අඩවිය තුළින් ඡායාරූප මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට අවස්ථාව ලැබේ. එමෙන්ම චැට් බොක්ස් සහ ඉ-මේල් මගින්   ක්‍රියාත්මකවන පූර්ණ ස්වයංක්‍රීය සහය සේවාවක් සමගින් ඉතාමත් සරල සාමාජිකත්ව ක්‍රමයක්ද මෙම වෙබ් අඩවිය සඳහා හඳුන්වා දී ඇත.

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: www.picsforest.com

සමාජ මාධ්‍ය පිටු:

Facebook – https://www.facebook.com/picsforest/

Instagram – https://www.instagram.com/picsforest_com/

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව