SLT-MOBITEL, ප්‍රධාන අනුග්‍රහය සමගින් 2023 IESL Techno ප්‍රදර්ශනය සවිබල ගැන්වේ

IMG_01 (LBN)

 


 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, 2023 IESL Techno ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. මෙම ප්‍රදර්ශනය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වාර්ෂිකව සංවිධානයකරන ප්‍රමුඛතම ප්‍රදර්ශනයක්වන මෙය, රටේ විවිධ ක්ෂේත්‍රවල සිදුවන තාක්ෂණික දියුණුව සහ නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අගනා අවස්ථාවකි.

එමෙන්මමෙමගින් මෙරට දුරකථන සන්නිවේදන සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ  ප්‍රමුඛයෙකු ලෙස SLT-MOBITEL සතු පිළිගැනීම තවදුරටත් තහවුරුවන අතර, දැනුම හුවමාරු කරගනිමින් අදාළ ක්ෂේත්‍ර අඛණ්ඩව දියුණුව කරා රැගෙන යාමට දායකවන වැඩසටහන්වලට අත්වැලක් වීමට සමාගම දක්වන කැපවීමද මෙමගින් නිරූපණය වේ.

IESL Techno ප්‍රදර්ශනය යනු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන්, ඉංජිනේරුවන් හා නවෝත්පාදකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවන, නවීන තාක්ෂණය පිළිබඳව දැනුම හා අදහස් හුවමාරුවන ප්‍රදර්ශනයකි. මෙම තෙදින ප්‍රදර්ශනය තුළදී නරඹන්නන්ට ලොව නවතම සොයාගැනීම්, නිෂ්පාදන සහ හැකියාදැකබලා ගැනීමට අවස්ථාව හිමි වේ.

සැපයුම්කරුවන්, විවිධ ආයතන හා සංවිධානවල නියෝජිතයන්, ජාතික තලයේ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ පාරිභෝගිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙති. SLT-MOBITEL හි අනුග්‍රාහකත්වය සමගින් මෙම ප්‍රදර්ශනය තුළදී දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ නවෝත්පාදන ප්‍රදර්ශනය කෙරෙනු ඇති අතර, එය මෙම ප්‍රදර්ශනයේ ආකර්ෂණීයත්වය තවදුරටත් වර්ධනයකරන සාධකයක් වනු නොඅනුමානය.

මෙවර ප්‍රදර්ශනයේ තේමාව වන ‘Engineering for Regaining the Economy’ යන්නද, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට දායක වීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයන්ට සමගාමී වේ. රටේ ආර්ථිකය යළි ගොඩනැංවීමට සහ ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය, තාක්‍ෂණික දියුණුව සහ කාර්මික ඵලදායිතාව සඳහා ඉංජිනේරු ක්ෂේත්‍රය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන බැවින්, එම ක්ෂේත්‍රයට අවශ්‍ය අති-නවීන විසඳුම් හා සේවා සැපයීමට SLT-MOBITEL නිරන්තරයෙන් කැප වී සිටී.

ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන්, 2023 IESL Techno ප්‍රදර්ශනයට සහ එය නැරඹීමට පැමිණි පිරිස් සඳහා අද්විතීය සේවා රැසක් සැපයීමට SLT-MOBITEL කටයුතු සංවිධානයකර  තිබුණි. ප්‍රදර්ශනයේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය වූ සුරක්ෂිත සහ අඛණ්ඩ සම්බන්ධතා පහසුකම් සැපයීමට අමතරව, නවෝත්පාදන හා නවීන විසඳුම් ප්‍රවර්ධනයකරන වාතාවරණයක් නිර්මාණය කිරීමටද SLT-MOBITEL එහිදී පියවර ගෙන තිබුණි.

මෙම ප්‍රදර්ශනය නිල වශයෙන් නිවේදනය කිරීමේ උත්සවය පසුගියදා පැවැත්වුණු අතර, එහිදී අදහස් දැක්වූ Sri Lanka Telecom PLC ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා, ‘රටේ සුභසිද්ධිය උදෙසා තාක්ෂණය, නවෝත්පාදනය සහ ඉංජිනේරු විද්‍යාව කෙතරම් වැදගත්ද’ යන්න අවධාරණය කළේ ය.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව