SLT-MOBITEL නුවරඑළිය කිකිළියාමාන විද්‍යාලයට 1,000කට වැඩි පොත් සංඛ්‍යාවක් පරිත්‍යාග කරයි

book donation-NW

 




 

 

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, දරුවන් පොත්පත් කියවීමට යොමුකරවීම උදෙසා ක්‍රියාවට නංවා ඇති ‘හිතක් ඇත්නම් පොතක් දෙන්න’ වැඩසටහනේ දෙවැනි අදියර යටතේ, නුවරඑළිය කිකිළියාමාන විද්‍යාලයට පොත් 1,000 කට වැඩි සංඛ්‍යාවක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. පුස්තකාල පොත්පත් හිඟතාවයක් ඇති පාසල්වලට එම පොත්පත් සැපයීමේ අරමුණ පෙරදැරිව, ජාතික කියවීමේ මාසය වැඩසටහනට සමගාමීව, 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම වැඩසටහන ආරම්භ කරන ලදි.

SLT-MOBITEL  ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය, නුවරඑළිය ප්‍රාදේශීය ටෙලිකොම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, සහ නුවරඑළිය කිකිළියාමාන විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් සහ සිසුන් ඇතුළු පිරිසක් මෙම පොත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වූහ. මෙලෙස පරිත්‍යාග කරන ලද පොත් ආයතනයේ,මධ්‍යම හා ඌව ප්‍රාදේශීය කාර්යාල වල කාර්ය මණ්ඩලය විසින් එක්රැස්a කරන ලදී. එමෙන්ම SLT-MOBITEL පාරිභෝගිකයන් සහ මහජනතාව ද මෙම වැඩසටහන සඳහා පොත් පරිත්‍යාග කර තිබේ. මීට අමතරව නුවරඑළිය කිකිළියාමාන විද්‍යාලයට අන්තර්ජාල පහසුකම් ලබාදීමටත්, ඊට අදාළ උපාංග නොමිලේ සවිකර දීමටත් SLT-MOBITEL පියවර ගෙන ඇත

සෑම පොතකටම දරුවෙකුගේ ජීවිතය වෙනස් කිරීමේ හැකියාව ඇති බවත්, මෙම පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් දරුවන්ට දැනුම ගවේෂණය කරමින්, ඔවුන්ගේ බුද්ධි මට්ටම පුළුල් කරගැනීමට අවස්ථාව ලැබෙන බවත් SLT-MOBITEL හි විශ්වාසයයි. මේ ආකාරයට දරුවන් දැනුමින් සවිබල ගැන්වීම මගින් ඔවුන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමටත්, ඒ ඔස්සේ තම ජීවිත වැඩිදියුණු කරගෙන දීප්තිමත් අනාගතයකට හිමිකම් කීමටත් අවස්ථාව සැලසේ.

පොත් ප්‍රදානයට අමතරව, පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා වූ විශේෂ අධ්‍යාපනික සැසියක් ද මෙම වැඩසටහනට සමගාමීව පැවැත්වුණි. අධ්‍යාපනික දිරිගැන්වීම් ක්‍රම, නායකත්වය සහ පාසලෙන් පසු ජීවිතයට සාර්ථකව මුහුණ දෙන ආකාරය ඇතුළු විවිධ මාතෘකා එහිදී සාකච්ඡාවට ලක්විය.

ඉදිරියේදී ‘හිතක් ඇත්නම් පොතක් දෙන්න’ වැඩසටහන තවත් පුළුල් අයුරින් ඉදිරියට කරගෙන යාම සඳහා පරිත්‍යාගශීලීන්ගේ පොත්පත් භාරගැනීමට SLT-MOBITEL අපේක්ෂා කරයි. එසේ පරිත්‍යාග කරනු ලබන පොත්පත්, කොළඹ කොටුවේ පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයට මෙන්ම, රටපුරා විසිරී ඇති SLT-MOBITEL Teleshop ප්‍රදර්ශනාගාර වෙත ද භාරදිය හැක.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව