SLT-MOBITEL දීපව්‍යාප්ත රුක්රෝපණ වැඩසටහනේ තවත් අදියරක් අනුරාධපුරයේදී සහ කොළඹදී

Picture1 (LBN Fill)

 



 

 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම පාරිසරික සමාජ පාලන (Environmental Social Governance – ESG) වැඩසටහන් මාලාවේ තවත් පියවරක් වශයෙන්, අනුරාධපුර සහ කොළඹ යන ප්‍රදේශ වල රුක්රෝපණ වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීමට පසුගියදා කටයුතු කළේ ය.

‘’රට පුරා හුස්මයි පොහොරයි වගා කරමු’ යන තේමාව යටතේ, වාතයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම, හරිතාගාර වායු අවම කිරීම සහ නිරෝගී පසක් ඇතිකිරීම යන කරුණු මුල්කරගත් ප්‍රතිඥාවක් ඔස්සේ SLT-MOBITEL විසින් මෙම දීපව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

කොළඹදී පැවති රුක් රෝපණ වැඩසටහන පවත්වන ලද්දේ, ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානයේ 31 වන සංවත්සරයට සමගාමීව ය. වැඩසටහනේ හවුල්කරු ලෙස කටයුතු  කළේ A Sat Co Lanka Technology (පුද්.) සමාගමයි.

මීට අමතරව අනුරාධපුරයේ පූජනීය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී මී පැළ සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කිරීමටද SLT-MOBITEL කටයුතු කළේ ය. මේ යටතේ SLT-MOBITEL හි නිලධාරීන් විසින් අනුරාධපුර ප්‍රදේශයේ ජනතාවට මී පැළ ලබාදෙන ලදි.

පළිබෝධ පාලනයට දක්වන දායකත්වය, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට ඇති හැකියාව, වාතය පිරිසිදු කිරීමේ හැකියාව සහ ස්වාභාවික ඖෂධයක් ලෙස භාවිතා වීම යන කරුණු සැලකිල්ලට ගනිමින් SLT-MOBITEL විසින් මෙම වැඩසටහන සඳහා මී ගස තෝරාගන්නා ලදී. මෙම වැඩසටහනේ තවත් විශේෂත්වයක් වන්නේ ‘තුරු’ නම් ජංගම යෙදුම ඔස්සේ මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම ය.

මෙම රුක් රෝපණ වැඩසටහන් මාලාව, පරිසරය සුරැකීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදෙනු ඇති බව SLT-MOBITEL විශ්වාස කරයි. එමෙන්ම එය වඩාත් පුළුල් සම්බන්ධතා සහිත, සුරක්ෂිත හා තිරසාර අනාගතයක් හමුවේ SLT-MOBITEL හි පාරිසරික සමාජ පාලන වගකීම් තවදුරටත් ශක්තිමත් කිරීමේ උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක්ද වනු ඇත.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව