SLT-MOBITEL තිරසර මෙහෙවර අඛණ්ඩව පෙරට

Picture1 (LBN)

 



 

 

මීරිගමදී රුක් රෝපණ වැඩසටහනක් සහ පුස්තකාල පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, තවත් රුක් රෝපණ වැඩසටහනක් සහ පුස්තකාල පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මීරිගම තවලම්පිටිය මහා විද්‍යාලයේදී පැවැත්විණි. දරු දැරියන්ගේ මනස පෝෂණය කිරීම, පරිසරය ආරක්ෂා කරගැනීම සහ සියලුම දෙනාගේ යහපත වෙනුවෙන් වඩාත් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් බිහිකිරීම, SLT-MOBITEL හි පාරිසරික, සමාජීය සහ පාලන (Environmental Social Governance – ESG) වැඩසටහනේ මූලික අරමුණු වේ.

SLT-MOBITEL, සාමාන්‍යාධිකාරී (අලෙවි සේවා) අනුරුද්ධ සූරියාරච්චි මහතා සහ එම සමාගමේ නිලධාරීන් පිරිසක්, තවලම්පිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් සහ ගුරු මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් මෙන්ම පාසලේ දරුවන් සහ දෙමාපියන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

SLT-MOBITEL ක්‍රියාවට නංවා ඇති ‘රට පුරා හුස්මයි පොහොරයි වගාකරමු’ වැඩසටහන යටතේ ක්‍රියාවට නැංවූ 9 වැනි මී පැළ සිටුවීමේ වැඩසටහන මෙය වේ. වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, හරිතාගාර වායු අවම කිරීම සහ පසේ සාරවත්භාවය වැඩි කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණු වේ. මේ වනවිට මොණරාගල, උමංදාව, අනුරාධපුර සහ කුණ්ඩසාලේ වැනි ප්‍රදේශවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර, මෙවර වැඩසටහනේදී මී පැළ 50 කට අසන්න සංඛ්‍යාවක් රෝපණය කරන ලදි.

නවීකරණය කරන ලද පුස්තකාලය සිසු අයිතියට පැවරිම සහ පුස්තකාල පොත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය. මෙය දරු දැරියන් 400 කට අධික පිරිසකගේ කියවීමේ පුරුදු වර්ධනය කරවීමට රුකුලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පරිසරය ආරක්ෂා කරමින් දේශගුණ වෙනස්කම් අවම කිරීමට දායක වන අතරම සමාජයේ සහ ජනතාවගේ යහපැවැත්ම තහවුරු කිරීම, SLT-MOBITEL ක්‍රියාවට නංවන මෙම සමාජ සත්කාරයන්හි පරමාර්ථය වී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව