SLT-MOBITEL ත්‍රිත්ව විද්‍යාලීය රග්බි කණ්ඩායමේ නිල සන්නිවේදන සහකරු ලෙස බලගන්වයි

SLT-MOBITEL Official Telecommunications Partner - Trinity Rugby 2024 (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL අඛණ්ඩව තුන්වන වරටත් නිල සන්නිවේදන සහකරු ලෙස මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම බලගැන්වීමට එක්ව තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් නගාසිටුවමින්, නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්වැලක් වෙමින්, සියලු‍ම දෙනාට නවීන තාක්ෂණයේ පරිවර්තනීය බලයන් ඔස්සේ සිය හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන හිමිකර ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම අනුග්‍රාහකත්වය පිරිනැමීමට SLT-MOBITEL කටයුතු කළේ ය.

 



 

2024 වසරේදී පාසල් රග්බි ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ උණුසුම් තරග රැසක් දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායමද තම දක්ෂතා උපරිමයෙන් ප්‍රදර්ශනය කිරීමට සූදානමින් සිටියි. ත්‍රිත්ව විද්‍යාලය සමග ඇතිකරගත් හවුල්කාරීත්වයේ කොටසක් වශයෙන්, රග්බි ක්‍රීඩකයන්ට, පුහුණුකරුවන්ට සහ රසික රසිකාවියන්ට වඩාත් විශිෂ්ටතම අත්දැකීමක් පිරිනැමීම සඳහා නවීන තාක්ෂණය හා සම්බන්ධතා පහසුකම් සැපයීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත. එමෙන්ම දිවයින පුරා රග්බි ලෝලීන්ට තරග දැකබලා ගැනීමට අවස්ථාව ලබාදීම සඳහා එම තරග සජීවීව විකාශය කිරීමටද SLT-MOBITEL කටයුතු යොදා තිබේ.

අනාගත පරපුරේ  හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම ඔවුන් තුළ නිසි විනය ඇති කරමින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා පාසල් ක්‍රීඩා මගින් සුවිශාල මෙහෙවරක් ඉටු වන බව SLT-MOBITEL විශ්වාස කරයි. එමෙන්ම මෙරට දරු දැරියන් සහ තරුණ තරුණියන් සවිබල ගන්වමින් විශිෂ්ටත්වයේ සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා SLT-MOBITEL දීර්ඝ කාලයක පටන් කැප වී කටයුතු කරමින් සිටී. ඒ අනුව සිය මෙහෙවර දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගෙන යමින්, රට පුරා පාසල්වල ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය කිරීමට සහ එම කටයුතුවලට අත්වැලක් වීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව