SLT-MOBITEL තම 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරයි

Image - Colombo (LBN Fill)

 



 

 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය පූර්ව-වාණිජ 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ. මෙය ජංගම සහ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතා වලදී 5G තාක්ෂණයේ සුවිශේෂී බලය අත්විඳීමට පාරිභෝගිකයන්ට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත.

කොළඹ, මහනුවර, අනුරාධපුර, ගාල්ල සහ යාපනය යන ප්‍රදේශ වල වෙසෙන, 5G තාක්ෂණය අන්තර්ගත සහ SLT-MOBITEL 5G පර්යේෂණ ජාලයට අනුකුල ජංගම දුරකථන හෝ  අන්තර්ජාල  උපාංග (Internet Devices) හිමි පාරිභෝගිකයන්ට මෙය අත්විඳීමට අවස්ථාව ලැබේ. මීට අමතරව මෑතකදී කොළඹ ප්‍රදේශයේ නව 5G යටිතල පහසුකම් ස්ථාපිත කිරීමටද SLT-MOBITEL කටයුතු කළේ ය.

https://5g.sltmobitel.lk වෙත පිවිසීම මගින් පාරිභෝගිකයන්ට තම උපාංග (Device) වල 5G තාක්ෂණ පහසුකම් තිබේද යන්න පරීක්ෂා කළ හැකි වේ. 5G තාක්ෂණය භාවිතා කළ නොහැකි උපාංග (Device) හිමි පාරිභෝගිකයන්ට, තෝරාගත් SLT-MOBITEL මධ්‍යස්ථාන වෙත පැමිණීමෙන් 5G තාක්ෂණයේ මහිමය අත්විඳීමට අවස්ථාව ලැබෙනු ඇත.

අධිවේගී දත්ත සම්ප්‍රේෂණය, Latency අවම වීම, වැඩි  සම්බන්ධතා ධාරිතා හැකියාව සහ අන්තර්ජාල අත්දැකීම් ඉහළ  නැංවීමේ   හැකියාව යනාදී ගුණාංග සහිත 5G තාක්ෂණය, රැහැන් රහිත සන්නිවේදනයේ නවතම තාක්ෂණික පෙරලිය  ලෙස සැලකේ. පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යාපාර වලටද වැදගත් වන HD video streaming, augmented reality, virtual reality, factory automation, remote operations, mission critical communications, massive IOT වැනි තාක්ෂණයන් හා හැකියාවන් රාශියක් 5G මගින් බලගැන්වේ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ නියමුවා වශයෙන් SLT-MOBITEL විසින් පසුගිය කාලය තුළ දිවයින පුරාම 5G ජාලය ව්‍යාප්ත කිරීමේ හැකියාව සහ අවශ්‍යතාව දැඩිව පෙන්වා දෙන ලදි. 2019 වසරේ සිටම SLT-MOBITEL දිවයින පුරා ප්‍රදර්ශන ආදිය පවත්වමින්, ජනතාව 5G තාක්ෂණය පිළිබද දැනුවත් කරමින්, 5G ක්‍රියාවට නැංවීමේ මෙහවරට නායකත්වය දී ඇත. 2019 වසරේ අප්‍රේල් මාසයේදී දකුණු ආසියාවේ ප්‍රථම වරට ජංගම දුරකථන ජාලයක් තුළ 5G තාක්ෂණය ක්‍රියාත්මක කරමින්, ස්මාර්ට් දුරකථනයක් තම 5G ජාලයට සම්බන්ධ කර වාර්තාගත වේගයක් සනිටුහන් කිරීමට SLT-MOBITEL සමත් විය.

මේ වනවිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රට තුළ වාණිජ 5G තාක්ෂණය සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටී. වාණිජ 5G බලපත්‍ර ලත් විගස තම 5G ජාලය තවදුරටත් පුළුල් කරමින් රටේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට මෙන්ම වඩාත් ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැංවීමට SLT-MOBITEL තම උපරිම දායකත්වය ලබාදෙනු ඇත.

SLT-MOBITEL සෑම විටම 5G, Narrowband Internet of things (NB-IoT), Mission Critical Communications (MCPTT), සහ Artificial Intelligence (AI) වැනි නවීන තාක්ෂණයන් ගෙන් යුතු සන්නිවේදන විසඳුම් රටට හඳුන්වා දීමට කටයුතු කරයි.

2019 වසරේ සිට 2021 වසර දක්වා අඛණ්ඩව වසර 3ක්, ලොව අන්තර්ජාල සම්බන්ධතා වේගයන් පරීක්ෂා කිරීමේ ප්‍රමුඛයා වන Ookla® වෙතින් ශ්‍රී ලංකාවේ වේගවත්ම ජංගම ජාලය යන ඇගයීම හිමිකර ගැනීමට SLT-MOBITEL සමත් විය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 16 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව