SLT-MOBITEL ජාතික ව්‍යාපාර නාමාවලිය ‘Rainbow Pages’ වෙතින් දීපව්‍යාප්ත ව්‍යාපාරවලට සුවිශේෂී ප්‍රචාරණ අවස්ථා රැසක්

Business Directory - Image (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ විශාලතම මාර්ගගත (online)  හා මුද්‍රිත ව්‍යාපාරික නාමාවලිය වන Rainbow Pages සඳහා අදම ලියාපදිංචි වී වාසි රැසක් හිමිකරගන්න

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL ගෙනෙන Rainbow Pages 2023/24 ජාතික ව්‍යාපාර නාමාවලිය සඳහා ලියාපදිංචි වීමට මෙරට ව්‍යාපාරවලට දැන් අවස්ථාව උදා වී ඇත. මෙම නාමාවලිය මෙරට ක්‍ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට නවීන ඩිජිටල් ලෝකය තුළ දීපව්‍යාප්ත ප්‍රචාරණයක් සමග වෙළඳපොළ තරගකාරීත්වයේ වාසිය ලබාගැනීමට අවස්ථාව සලසා දෙන සුවිශේෂී මෙවලමකි.

Rainbow Pages ව්‍යාපාර නාමාවලිය මේ වනවිට මෙරට වඩාත්ම විශ්වාසය දිනූ ව්‍යාපාර නාමාවලිය බවට පත් වී තිබේ. පාරිභෝගිකයන් හා ව්‍යාපාර මෙන්ම ලෝක ප්‍රකට නිෂ්පාදන හා වෙළඳ සමාගම් කාර්යක්ෂම ලෙස එකිනෙකා සමග සම්බන්ධ කෙරෙන ආකාරයට මෙය සැලසුම් කර ඇත.

වර්තමානය වන විට Rainbow Pages ව්‍යාපාර නාමාවලිය තුළ සමාගම් හා ආයතන 6,000 ක් පමණ දැන්වීම් පළකරනු ලබන අතර, එහි පළවන ලුහුඬු දැන්වීම් සහ අනෙකුත් දැන්වීම් ගණන 170,000 කට අධික ය. පෞද්ගලික සමාගම්වලට අමතරව මෙහි රජයේ ආයතන සහ ආගමික ස්ථාන ආදිය සම්බන්ධ දැන්වීම් හා තොරතුරුද පළකෙරේ.

මෙය මුද්‍රිත නාමාවලියක් ලෙස මෙන්ම අන්තර්ජාලය ඔස්සේ පරිහරණය කළ හැකි ඩිජිටල් නාමාවලියක් ලෙසද ලබාගත හැකි වීම විශේෂත්වයකි. එම නිසා නිෂ්පාදකයන්, සැපයුම්කරුවන්, සේවා සම්පාදකයන් සහ මහා පරිමාණ පාරිභෝගිකයන් ඇතුළු සියලුම කාණ්ඩවලට මේ හරහා පහසුවෙන් එකිනෙකා සමග සම්බන්ධ විය හැකි වේ.

නිතිපතා වැඩිදියුණු කිරීම් සහ යාවත්කාලීන කිරීම්වලට ලක්වන ‘rainbowpages.lk’ ඩිජිටල් නාමාවලියට දෛනිකව එයට පිවිසෙන පරිශීලකයන් සංඛ්‍යාව 10,000 ඉක්මවයි. මේ නිසා මෙම ව්‍යාපාර නාමාවලිය තුළ දැන්වීම් පළකිරීම මගින් ව්‍යාපාරවලට අතිශය තරගකාරී වෙළඳපොළ තත්ත්වයන් හමුවේ වුවද අඛණ්ඩව දියුණුව ළඟාකරගත හැකි වේ.

Rainbow Pages ව්‍යාපාර නාමාවලිය යනු ව්‍යාපාර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඕනෑම දෙයක් එකම ස්ථානයකින් සොයාගැනීමට අවස්ථාව සලසා දෙන විසඳුමක් වන නිසා එය පරිශීලකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. මේ හේතුව නිසාම මෙය ව්‍යාපාරවලට නව පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම සඳහා භාවිතා කළ හැකි කදිම විසඳුමක් බවටද පත් වී තිබේ.

මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ, රජයේ ආයතන සඳහා ටෙන්ඩර් කැඳවීමේදී Rainbow Pages ව්‍යාපාර නාමාවලිය තුළ ලියාපදිංචි වී ඇති ව්‍යාපාරයන්ගෙන් එම ටෙන්ඩර් කැඳවන ලෙසට රජය නිර්දේශ කර තිබීම ය. එමෙන්ම මෙහි ලියාපදිංචි වී ඇති ව්‍යාපාරවලට රාජ්‍ය අංශයේ ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වීමටද අවස්ථාව හිමි වේ.

මුද්‍රිත නාමාවලියට අමතරව ජංගම දුරකථන ඔස්සේද පහසුවෙන් පරිශීලනය කිරීමට හැකි වන පරිදි සැලසුම් කළ වෙබ් අඩවිය, ජංගම යෙදුම (Mobile App), සහ ඇමතුම් මධ්‍යස්ථානය (SLT 1212 සහ Mobile 444) ඔස්සේද Rainbow Pages ව්‍යාපාර නාමාවලි තොරතුරුවලට පිවිසිය හැකිය.

Rainbow Pages ව්‍යාපාර නාමාවලිය ප්‍රකාශනය කරනු ලබන්නේ SLT-MOBITEL හි පූර්ණ අයිතිය යටතේ පවතින සමාගමක් වන SLT Digital Services (Pvt) Limited (SLT-DIGITAL) විසිනි. මෙම සමාගම ඩිජිටල් අලෙවිකරණය, වෙබ් අඩවි නිර්මාණය හා නඩත්තු කිරීම, උත්සව කළමනාකරණය, ප්‍රචාරණ කටයුතු සහ සන්නාමකරණ සේවාවන් ඇතුළු සේවාවන් රාශියක් පිරිනමයි. ඊට අමතරව එම සමාගම මේ වනවිට මෘදුකාංග, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම්, යටිතල පහසුකම් සහ සේවා සම්පාදන ඇතුළු ක්ෂේත්‍ර වෙතද යොමු වී ඇත.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු www.rainbowpages.lk වෙබ් අඩවියෙන්, 1212 අංකය ඔස්සේ ඇමතුම් මධ්‍යස්ථානයෙන් හෝ 0112 399 399 අංකය ඔස්සේ ක්ෂණික ඇමතුම් සේවාව වෙතින් ලබාගත හැකි වේ.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව