SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ප්‍රමෝද්‍යා සේනානායක IET Young Woman Engineer of the Year 2021 සම්මානය දිනයි

Image 1 (3)

 



 

 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ප්‍රමෝද්‍යා සේනානායක පසුගියදා ‘IET Young Woman Engineer of the Year 2021’ සම්මානය දිනාගැනීමට සමත් වූවා ය. මෙම සම්මාන උළෙල ‘Institute of Engineering and Technology’ (IET) මගින් සංවිධානය කරන ලදි.

ඉංජිනේරු ශිෂ්‍යාවන් සහ අනාගතයේදී ඉංජිනේරු වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන තරුණියන් දිරිගැන්වීමට සමත් වන, ඉංජිනේරු වෘත්තිය තුළ බෙහෙවින් කැපීපෙනෙන දක්ෂ ඉංජිනේරුවරියන් වෙත මෙම සම්මානය පිරිනැමේ. තවද ශ්‍රී ලංකාව සහ ලෝකය තිරසාර සංවර්ධන ඉලක්ක වෙත රැගෙන යාම සඳහා නායකත්වය ගැනීමට කාන්තාවන් යොමුකරවීම සම්බන්ධයෙන් ඔවුන් සතු දැක්මද, මෙම සම්මාන සඳහා සුදුස්සන් තෝරා ගැනීමේදී සැලකිල්ලට ගනු ලබයි.

2015 වසරේදී Mobitel (පුද්.) සමාගම සමග එක් වූ ප්‍රමෝද්‍යා සේනානායක, තම දැනුම හා පළපුරුද්ද වර්ධනය කරගැනීම සඳහා පුහුණු වැඩසටහන් රාශියකටද සහභාගී වී ඇත. හිටපු ජාතික චෙස් ශූරියකද වන ඇය මේ වනවිට ජාතික චෙස් තේරීම් කමිටුවේ සාමාජිකාවක ලෙසද කටයුතු කරයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව